Colombo Today Local News

ජනපතිට විරුද්ධ නඩු ෆයිල් අරන් NGO ලොක්කියක් රට පනී… ලන්ඩන් කොටි ක්‍රියාකාරිනියකගේ නිවසේ නවතී… ස්විස් පැන්න කන්දප්පාගේ හිතවතියක් !

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු හමුදා ප්‍රධානියාට සම්බන්ධ නඩුවලට අදාළ රහස්‌ ලියවිලි බව දක්‌වන ලියවිලි තොගයක්‌ රැගෙන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ ශ්‍රී ලංකා කාන්තාවක්‌ බ්‍රිතාන්‍යයට පැමිණ ඇත.

ඇය ලන්ඩන් නුවර චානට්‌ හවුස්‌ නමැති මධ්‍යස්‌ථානයට පැමිණ මේ රහස්‌ ලියවිලි ගැන හෙළිකර තිබේ.

ශ්‍රී ලංකාවෙන් පලාගිය රහස්‌ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා සමග දැඩි මිත්‍රත්වයක්‌ පවත්වා ගෙන ගොස්‌ ඇති මේ කාන්තාව ලන්ඩන් නුවර බෙදුම්වාදී කාන්තාවක්‌ වූ දර්ශා ජෙගතිස්‌වරන්ගේ නිවසේ පදිංචිව සිටින බව හෙළිවී ඇත.

මෙම රහස්‌ ලියවිලි ප්‍රකාශයට පත්කරන ලෙස චානට්‌ හවුස්‌ අධ්‍යයන ආයතනය කළ ඉල්ලීම ඇය විසින් ප්‍රතික්‌ෂේප කර තිබේ.

මුලින්ම ස්‌විට්‌සර්ලන්තයට ගිය ඇය පසුව බ්‍රිතාන්‍යයට පැමිණ ඇත.

– divaina

Related posts

ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහලට

Admin

වර්ජනය කරන තෙල් සේවකයන්ගේ වැඩ තහනම්.. ඉන්ධන බලපත්‍රයත් අහෝසියි..!

colombotoday

දැන් බෙහෙත්, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර අර්බුදයක් නැහැ – ජනපති රනිල් වික්‍රමසිංහ

Admin

හයිබ්‍රිඩ් අධිකරණය හදන්න කියූ අල් හුසේන්ට ද්‍රවිඩ සන්ධානයෙන් පැසසුම් !

colombotoday

හිරුණිකා රනිල්ට අලුත් නමක් දායි

colombotoday

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුුතු නව මාර්ගෝපදේශ මෙන්න.

colombotoday