Colombo Today Local News

ජනපතිගේ චෝදනාව ගැන ඇලිට් සමාගමෙන් නිවේදනයක් !

කොළඹ නෙලුම් කුලුන ඉදිකිරීමේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනයේ ඇලිට් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කළේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ශ්‍රී ලංකාව ඇලිට් සමාගමට රුපියල් බිලියන 2ක  අත්තිකාරම් මුදලක් ගෙවූ බවත් එය ගෙවූ ඇලිට් සමාගම හෝ එම රුපියල් බිලියන 2ට සිදුවූ දෙයක් නොමැති බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඇලිට් සමාගම මුලින් සඳහන් කළ ලිපිනයේ නොවන වෙනත් ලිපිනයක සිට මේ වන විට ව්‍යාපාර කටයුතු කටයුතු සිදුකරන බව තහවුරු වී තිබේ.

පළවූ මාධය වාර්තා සම්බන්ධයෙන් ඇලිට් සමාගමද නිවේදනයක් නිකුුත් කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ නෙලුම් කුලුන ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් ගෙවූ ඩොලර් 15,644,980 මුදල චීන එක්සිම් බැංකුවේ ඇති CEIEC සමාගමේ ගිණුම වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ගෙවූ බවයි.

නෙලුම් කුලුන විවෘත කිරීම ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වයේ සංඛේතයක් බවද ඔවුන් සඳහන් කරයි.

චීන රජයට අයත් ඇලිට් සමාගම මේ වන විටර රටවල් 40ක පමණ තම මෙහෙයුම් කරන බවත් ඔවුන් සඳහන් කරය.

ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සමාගම තවදුරටත් සහාය දැක්වීමට සූදානම් බවද වැඩිදුරටත් පවසයි.

Related posts

යහපාලන තිරිසණුන් රණවිරුවන් සිරගත කළා පමණක් නෙවෙයි ඔවුන්ගේ චරිතත් ඝාතනය කළා – ඤාණසාර හිමි

colombotoday

නදීශා ප්‍රසිද්ධියේම ‘සිල් බිඳ ගනී’.. මඩු වල්ගෙන් තලන්න වෙයි!

colombotoday

පාසල් ළමුන් සමඟ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Admin

අසාද් සාලි සම්බන්ධ නඩු කටයුත්තකට නිතිපති නියෝජනයක් ගන්නැයි CID යට නියෝගයක්

colombotoday

පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

හිටපු DIG නාලක ද සිල්වාට එරෙහි නඩුවෙන් නිදහස් කෙරේ

Admin