Colombo Today Local News

ජනතාව පාර්ලිමේන්තුවට අකමැති එහි බහුතරයක් අපරාධ හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සංවරයක් නැති, ප්‍රතිපත්තියක් නැති පිරිසක් වීම නිසා..

වත්මන් පාර්ලිමේන්තුව තුළ අපරාධවලට සම්බන්ධ නොවූ එකම කණ්ඩායම තම කණ්ඩායම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොළඹදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙරට ජනතාව පාර්ලිමේන්තුවට අකමැති වීමට හේතුව එහි සිටින බහුතරයක් විවිධ අපරාධ හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සංවරයක් නැති, ප්‍රතිපත්තියක් නැති පිරිසක් වීම බවත් ඒ මහතා පවසයි.

එනිසා බහුතර ජනතාවගේ සිත් තුළ පාර්ලිමේන්තුව කෙරෙහි කෝපයක් හා වෛරයක් ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.

Related posts

සිරකරුවන් 11,000ක් නිදහස් කර අවසන්

colombotoday

එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව රනිල් කියයි…

colombotoday

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

පාසලක් පිටුපස ඉඩමකින් ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී

colombotoday

සමූපකාර ප්‍රතිඵල දෙකක් නිකුත් වේ

Admin

හෙට රජයේ නිවාඩු නෑ

colombotoday