Colombo Today Local News

ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

ඡන්දය ගණන් කිරිමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ආරවුලක් ඇති කර ගත් වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුගේ සේවය  අත්හිටවූ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි .

වේයන්ගොඩ පොලිසියේ රාජකාරි කරන එම පොලිස් පරික්ෂකවරයා වතුපිටිවල මුලික රෝහලට ඇතුලත් කර සිදු කරන ලද වෛද්‍ය පරික්ෂණයේ දී බිමත්ව සිටින බවට තහවුරු වීමෙන් පසුව මෙසේ වැඩ තහනමට ලක් කර තිබේ .

වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටුවා ඇති පොලිස් මුරපොලේ නිලධාරින්ට මුඛ ආවරණ ලබා දීමට ගොස් ඇති පොලිස් පරික්ෂකවරයා එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමඟ කතා බහක් ඇති වී තිබේ.

එම සහකාර පොලිස් අධිකාරිවරයා සිද්ධිය ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාට දැනුම් දීමෙන් පසුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරිමෙන් පසුව මෙසේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාල සඳහන් කරයි.

Related posts

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දහසක් මහපාරට !

colombotoday

කම්කරු මරණයකදී ගෙවන වන්දිය ලක්ෂ 20ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

දේපොළ සොරා ගන්නා යුවළක් අල්ලයි

Admin

සමගි ජන බලවේගයේ කිසිවෙක් ඩීල් දැමීමට සුදානමක් නෑ- හැරිසන්

colombotoday

ආර්ථික වර්ධනය 1.6%ට පල්ලම් බහී…

colombotoday

ශත 25ක්ව තිබූ සීනි කිලෝවක බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දමයි

Admin