World

චීනය කෝප වේ…. ඉවසීම ඉවරයි… ඇමරිකාවට බරපතල අනතුරු ඇගවිමක් කරයි !

chaina angry to usaසිදුකළ සියලූ අනතුරු හැගවීම් නොතකා අර්බුකාරී දකුණු චීන මුහුදු කලාපයේ චීනය විසින් ගොඩනගනු ලැබූ කෘත‍්‍රිම දිවයින් ආසන්නයෙන් ඇමරිකානු ඩිස්ට්‍රෝයර් නෞකාවක් යාත‍්‍රා කිරීම පිලිබඳව චීනය කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශය දක්වා ඇත්තේ ඇමරිකානු යුධ නෞකාවේ මෙම ක‍්‍රියාකලාපය චීනයේ ස්වෛරීත්වයට හා ආරක්‍ෂාවට තර්ජනයක් බවයි.

දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වයට හානි පමුණුවමින් ඇමරිකාව ගත් මෙම ක‍්‍රියාමාර්ගය පිළිබඳව තදබල අප‍්‍රසාදය පළ කරන අතරම බරපතල විරෝධයද එල්ල කරන බව එම නිවේදනයේ දක්වා තිබේ. ඇමරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස් ලාසන් ඩිස්ට්‍රෝයරය කෘත‍්‍රිම දිවයින් ආසන්නයෙන් යාත‍්‍රා කළ බව නම හෙළි නොකළ ඇමරිකානු හමුදා නිලධාරියකු තහවුරු කර ඇත.

මින් පෙර ඇමරිකානු නාවික හමුදාව විසින් නිකුත් කළ වාර්තාවක් මගින් දක්වා තිබුණේ ලාසන් නෞකාව සුබී හා මිස්චීෆ් පර අසලින් ගමන් කිරීමට නියමිතව ඇති බවයි.  මේ සඳහා ඇමරිකානු පෙරික්සුම් යානාවන් එකක් හෝ දෙකක් ගමන් කරනු ඇති බවත් ඉදිරි සති කිහිපයේද මෙවැනි මුර සංචාර සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ඇමරිකාව විසින් පවසන ලදී. ජාත්‍යන්තර නීතියට අනුකූලව ඕනෑම ජාතියකට යාත‍්‍රා හෝ පියාසර කිරිමේ අයිතිය චීනය විසින් පිළිගනු ලබන නමුත් එය චීනයේ ස්වෛරීත්වයට හෝ ආරක්‍ෂාවට තර්ජනයක් වීම නොඉවසන බව චීනය පවසා තිබේ.

Related posts

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව

Admin

කාලගුණය තමන්ට කැමති විදියට වෙනස් කරන චීනයට අසල්වැසි රටවලින් චෝදනා

colombotoday

නැංගුරම් දමා තිබූ නැවක පිපිරීමක් (වීඩියෝ)

colombotoday

‘බ්‍රිතාන්‍ය තුල ඉස්ලාම් අන්තවාදය පතුරට ප්‍රධාන රට සෞදියයි‘ – නවතම වාර්තාවක් හෙළි කරයි

colombotoday

සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් පාකිස්තාන හමුදාවෙන් ප්‍රහාරයක්

colombotoday

ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්

colombotoday