Colombo Today Local News

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් එම පක්ෂයේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් මේ සති අන්තයේ සංවිධානය කර තිබු විශේෂ දේශපාලන වැඩමුළුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවලංගු කර ඇත .ඒ, එම වැඩමුළුවට මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විරෝධය පළකර ඇතැයි කියමිනි.

දේශීය ආර්ථික අර්බුදය හා ජාත්‍යන්තර ආර්ථික ප්‍රවණතා සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ද, නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය  ජයම්පති වික්‍රමරත්න මහතාද මෙම වැඩමුළුවේදී අදහස් දැක්වීමට නියමිතව සිටි අතර, මේ දිනවල අගමැතිවරයා සමග විදෙස් සංචාරයකට එක්ව සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හැර ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන් මෙම වැඩසටහනට එක්වීමට එකඟත්වය පළකර තිබිණ.

එසේවුවද එජාප මන්ත්‍රීවරයකු වන ජයම්පති වික්‍රමරත්න මහතා ගෙන් උපදෙස් ලබාගැනීම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හැල්ලු කිරීමක් බව අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.

එම තත්වය යටතේ ආර්ථිකය සම්බන්ධයෙන් හෝ ආණ්ඩුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට හිටපු ජනාධිපතිනිය කල යෝජනාවට ජනාධිපතිවරයා ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

Related posts

උඩවලව ජලාශයෙන් වගා ප්‍රදේශ 70% කට ජලය මුදා හැර අවසන්

Admin

19 සංශෝධනය යටතේ අගමැති ඉවත්කළ නොහැකියි

colombotoday

බස් රථයක් පෙරළී 12කට තුවාල

colombotoday

නාමල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් ?

colombotoday

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

Admin

ඤාණසාර හිමියන්ගේ ශිෂ්‍ය හිමියන්, තම ලොකු හාමුදුරුවන් වහන්සේ ගැන හැගුම්බරව කී කතාව…

colombotoday