World

ගෝලීය කෝවිඩ් ආසාදිතයින් එක්කෝටි විසිඅට ලක්ෂය ඉක්මවයි

අද වන විට ලොව පුරා රටවලින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 12,800,000කට අධිකයි.

වසංගතයෙන් ලොව පුරා පුද්ගලයන් 567,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 850,358 ක් දක්වා ඉහළ දමමින් ඉන්දියාවෙන් ඊයේ නව ආසාදිතයන් 27,755 දෙනෙකු හඳුනා ගැනුණි.

වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 22,687ක්.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය තුළ නිරතුරුවම පුවත් මවන ලෝක නායකයෙකු ලෙස සැළකෙන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මේරිලන්ඩ් ප්‍රාන්තයේ හමුදා රෝහලක නිරීක්ෂණ චාරිකාවකට යාම සඳහා මුඛ ආවරණයක් පැළඳ ඇත.

මුඛ ආවරණ පැලඳීම අධෛර්යමත් කර ඇති ට්‍රම්ප් මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ පළමු වරටයි.

ධවල මන්දිරයෙන් පිටව යාමට පෙර ජනාධිපතිවරයා සඳහන් කළේ සුදුසු ස්ථානවල මුඛ ආවරණ පැළඳීමට තමා කැමති බවය.

අමෙරිකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ දමමින් ඊයේ එරටින් ආසාදිතයන් 61,719 ක් වාර්තා වී තිබුණි.

ඒ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,355,646 තෙක් ඉහළ ගියේය.

අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 137,000 කට අධිකය.

බ්‍රසීලයෙන් අද වන විට කොවිඩ් ආසාදිතයන් 1,840,812ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 71000 ඉක්මවයි.

Related posts

ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනයත් සමඟ ඇති වු ආසාත්මිකතා හේතුවෙන් නයිජීරියාවේ පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

රුසියානු ජනතාව පූටීන් ඉහළින් ඔසවා තබයි.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයක්

colombotoday

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

colombotoday

සුඩානයේ කාර්ටුම් අගනුවරට ගුවන් ප්‍රහාරයක් – කුඩා දරුවන් ඇතුළු 20ක් මරුට

Admin

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin

සල්මාන් කුමරු අනුහසින් නිදහස ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි කාන්තාවෝ

colombotoday