Colombo Today Local News

ගෝඨාභයගේ නඩුව 04 විභාගයට ගනී… දිනපතා විභාගයට ගැනීමට තීන්දුයි…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන සාවද්‍ය මුදල් පරිහරණය සම්බන්ධ නඩුව අද (09) සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බවට විශේෂ මහාධිකරණය තීරණය කර තිබේ.

විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන නිසි පරිදි ලැබී තිබේද පරික්ෂා කිරීම සඳහා නඩුව ලබන 19 වනදා කැඳවීමට නියම කළ ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට නියම කර ඇත.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී.මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මැදමූලන ප්‍රදේශයේ දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා යෙදවූ ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

තමන් සාවද්‍යව පරිහරණය කළ අදාළ මුදල මේ වනවිට ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට ගෙවා ඇතැයි පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබිණි.

Related posts

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin

ධිවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

FCIDය මෙහෙය වන්නේ අනුර කුමාරයි.. චම්පික නොකියා කියයි. සෝමවංශ සාක්ෂි සහිතවම කියයි

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

කොලොම්බියාවේ සිට කටුනායකට ගුවන් මගින්ම කු-ඩු ගෙන්වයි

Admin

මුදල් ඇමති රට යයි

colombotoday