Colombo Today Local News

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ !

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම නිසා ඒ මහතාට එරෙහිව කැලිපෝර්නියා අධිකරණය හමුවේ පවරා තිබූ නඩු දහය බල රහිත වී ඇත.

රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසියකු යන පදනම යටතේ මෙම නඩු පවරා තිබුණේ ඇමරිකාවේ පදිංචි අහිම්සා වික‍්‍රමතුංග සහ යුරෝපයේ පදිංචි ව්‍යාජ නම්වලින් හඳුන්වනු ලැබූ කොටි කි‍්‍රයාකාරීන් පිරිසක්වූ රෝසි සමාදානම් – රමේශ් දේවරාජන්, ශාන්ති පද්මනාදන් නිමල් ජයසූරිය ජයකුමාර් සමන් පෙරේරා, මයුරන් රාජකුමාර්, සෙන්දිල් යුවනේශ්වරන් සහ වසන්ති රත්නසිංහම් යන පිරිසයි.

එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව – සී. අයි. ඒ සංවිධානය එස්. බී. අයි. පොලිසිය ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඇමරිකානු ස්වදේශාරක්‍ෂක දෙපාර්තමේන්තුව යන ආයතන විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එරටට අවශ්‍ය කරන අයෙක් නොවන බවට සනාථ කර තිබේ.

මේ නිසා ඔහුගේ ඇමරිකානු පුරවැසිබව අහෝසි වීමට බාධක දුරු වී ඇතැයි ඇමරිකානු ආරංචි මාර්ග කියා සිටියි.

පෝල් හොප්ටන් – ස්කොඞ් ශල්මෝර් යන මයිකල් හවුස්්පෙල්ට් යන නීතිවේදීන් විසින් මෙම නඩු ගොනු කර තිබුණි.

හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහිව මෙම නඩු ගොනුකර තිබූ පිරිස එම නඩු පවරනු ලැබුවේ දසවසරකට පසුවයි

Related posts

ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

දඹුල්ල නගරාධිපති නිල කැබි රථය බල්ලට වෙන් කරලාද?

colombotoday

අවධානයෙන් ඉන්න. – බේරුවල භූ චලනය ගැන විස්තර

Admin

ඩීසල්-පෙට්‍රල් නැව් 2ක් ළඟ එනවා – ඇමති කංචන යලි කියයි

colombotoday

අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ සේවාව “බොදු බල සේනා දිවිසරණ” දැන් ක්‍රියාත්මකයි

colombotoday

“වාහන මිළ වැඩිකළේ පාසල් හැරයන තරුණයන් ත්‍රීවීල් පදින නිසා” රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර

colombotoday