Colombo Today Local News

ගෝඨාගේ ශ්‍රි ලාංකික පුරවැසිභාවය සියයට සියක් නිවරැදි, ව්‍යවස්ථානුකූලයි – ඩලස්

ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අත්හැර ශී‍්‍ර ලංකා පුරවැසිකම ලබා ගැනීම, ගුවන් ගමන් බලපත‍්‍රය ලබා ගැනීම ආදී සියලූම දේ සියයට සීයක්ම තාක්ෂණිකව නිවැරදියි, ව්‍යවස්ථානුකූල බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (2)  පැවති පොදුජන පෙරමුණ රැස්විමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අලහප්පෙරුම මහතා,

“අද අපේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක් අභීයාචනාධීකරණයේ විභාග වුණා. එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා, ඇතුලූ සියලූ දෙනාගේම දේශපාලන අවශ්‍යතාවයක් මත රාජ්‍ය නොවන සංවිධාන නායකයින් දෙදෙනෙක් තමයි මෙහි පැමිණිලිකරුවන් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ මේ රටේ පරිණත බුද්ධිමත් විශිෂ්ඨ  නීතිඥ කණ්ඩායමක්.

ඔවුන් කිසිදු චකිතයකින් තොරව අපිට තහවුරු කළේ් එන්. ජී.  ඕ නායකයින්ගේ පැමිණීල්ල කිසිදු ලෙස සාධාරණ නැති බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අත්හැර ශී‍්‍ර ලංකා පුරවැසිකම ලබා ගැනීම, ගුවන් ගමන් බලපත‍්‍රය ලබා ගැනීම ආදී සියලූම දේ සියයට සීයක්ම තාක්ෂණිකව නිවැරදියි. ව්‍යවස්ථානුකූලයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකන් පුරවැසිභාවය ගන්නේ 2003 වසරේ. ඇමරිකන් පුරවැසිභාවයෙන් ඉවත් වෙන්නේ 2005 වසරේදියි. ශී‍්‍ර ලංකා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමත් එක්ක ශී‍්‍ර ලංකා පුරවැසිභාවයෙන් ඉවත්ව සිටිනනේ වසර 2ක කාලයක් විතරයි. එතුමාගේ වයස අවුරුදු 70යි. අවුරුදු 68ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකාවේ නීත්‍යනුතූලව ඉපදුණු, නීත්‍යානුකූලව උප්පැන්න සහතිකයක් තියෙන, නිත්‍යානුකූලව ද්විත්ව පුරුවසිභාවය ගෙන නීත්‍යානුකූලව එයින් ඉවත් වුණු රටට ආදරය කරන පුරවැසියෙක්.

දුෂ්කර කොන්දේසි යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට ආවේ ජනාධිපතිවරණයට තර`ග කරන්න නෙවෙයි. විධායක ජනාධිපතිවරු තිදෙනෙකුට බැරිවුණු  යුද්ධය අවසන් කරන්නයි එතුමා 2005දී එන්නේ.  එතුමා තමයි  යුද්ධයේ භාරධූරම වගකීම භාර ගත්තේ. අපේ ප‍්‍රතිවිරුද්ධවාදීන්ගෙන් ඉල්ලන්නේ ඔහුට අපහාස කරන්න එපා කියලයි. ඔහු ඔබේ දරුවන් වෙනුවෙන් නිදහස් රටක් බිහි කරන්න දායක වෙලා තියෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එන්.ජී. ඕ තර්කය නිවැරදි නම්, ඔහු 2005 සිට ශී‍්‍ර ලංකා පුරවැසියෙක් නෙවෙයි නම් ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විදියට එතුමා ගත්ත තීන්දු තීරණ සියල්ල නීතිවිරෝධියි. මේ යන්න සූදානම් වෙන්නේ වෙන තැනකට. යුධ අපරාධ  සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධීකරණයේ නඩු පැවරිමේ සාධක නොමැති, ඩොලර්වලට තම මතවාදය විකුණන කණ්ඩායමක් මේ යන්නේ වෙන තැනකට බව පැහැදිලියි.

Related posts

සැක කටයුතු පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන් වෙයි…

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ තීරණයක්

colombotoday

රනිල්ට,සජිත්ට මොකුත් කරන්න බැහැ කියලා දන්න මංගල ගෙදර ගියේ සියළු වරප‍්‍රසාද අරගෙන

colombotoday

බලයට පැමිණි ආණ්ඩුවට ඉඩ දෙන්න. උද්ඝෝෂණය නවත්වන්න – පැල්පොළ විපස්සි හිමි

colombotoday

කේරළ ගංජා කිලෝ 61ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට

colombotoday

එජනිස සමඟ හවුලකට පක්ෂ 12ක් සූදානම් – පක්ෂ නායකයින් හමුවීම ලඟදීම

colombotoday