Colombo Today Local News

ගුරුකන්ද විහාරස්ථානයට බුදුපිළිමයක් වැඩවීම ගැන ටී.එන්.ඒ. මන්තී‍්‍රවරු කුලප්පු වෙති

මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්ථානයේ ධාතු මන්දිරය සඳහා වැඩ සිටුවීමට බුදුපිළිමයක් රැුගෙන ඒමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් ඊට පසුගිය 01 දා දැඩි විරෝධය එල්ල වී තිබේ.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ටී.රවිහරන් මහතා කියා සිටින්නේ මේ විහාරස්ථානය සම්බන්ධයෙන් නඩු කීපයක්ම ඇති අවස්ථාවක විහාරස්ථානයට නව අංග එකතු කිරීම නීතියට පටහැනි බවයි.

මේ විහාරස්ථානයට ආසන්නයේ පිහිටි නීරාවි අඩි පිල්ලයාර් කෝවිලේ සංවර්ධන කටයුතු සිදු කිරීමට ගිය අවස්ථාවේදී ඊට විහාරස්ථානයෙන් හා මුලතිව් පොලීසියෙන් බාධා එල්ල කළේද මේ නීතිමය පදනම නිසා බව පවසන රවිහරන් මන්ත‍්‍රීවරයා ඒ තත්ත්වය ගුරුකන්ද විහාරස්ථානයට අදාල නොවන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කොට සිටියි.

මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයට අයිතිවාසිකමක් නොමැති බව කියන රවිහරන් හිටපු මන්ත‍්‍රීවරයා පවසන්නේ එහි අයිතිය ඇත්තේ නීරාවි අඩි පිල්ලයාර් කෝවිලට බවයි.

මෙහි අයිතිය පිළිබඳව නිගමනයක් හා තීන්දුවක් ලබා දෙන ලෙස අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම් විභාගය ආරම්භ වී ඇති බවත් එහි තීන්දුව ලබා දීම පෙබරවාරී මාසයේදී සිදුවන බවත් ඔහු පැවසීය.

මේ තීන්දුව ලැබෙනතුරු ගුරුකන්ද විහාරස්ථානය තුළ හෝ ඒ භූමිය තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් කිරීම නීති විරෝධී බවද රවිහරන් මහතා කියා සිටියේය.

නමුත් ඔහුගේ මේ විරෝධය නොතකා මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය තුළ බුදු පිළිමය තැන්පත් කොට ආගමික වතාවත්ද පවත්වා ඇත.

Related posts

තාත්තාගේ ගම්උදාව සජිත් පුතාගෙන් ගලවයි.. අගමැති පවරා ගනී

colombotoday

ආනයනික බදු අඩු කිරීමෙන් ඉන්දියානු අල වෙළදපොළ ආක්‍රමණය කරයි.. දේශීය අල ගොවියා හාන්සියි

colombotoday

බේබදු පියා තුන් හැවිරිදි දරුවාව උණු වතුර දමා පුච්චලා

Admin

කොස්ගමදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධියට 5ක් අත්අඩංගුවට

Admin

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

Admin

මත් උවදුරට එරෙහිව දැඩි පියවර ගන්න – ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට උපදෙස්

colombotoday