Colombo Today Local News

ගිනි ගත්‍ MT නිව් ඩයමන්ඩ් – සමුද්‍රීය පරිසර හානිය පිළිබඳ වාර්තාව නීතිපතිට

“එම්.ටී නිව් ඩයමන්ඩ්” නෞකවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය පිළිබඳ වාර්තාව නීතිපතිවරයා වෙත භාරදී තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධීකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව මඟින් නෞකාවේ ගින්න නිසා සිදුව ඇති සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ මූලික නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් සහ විශේෂඥ කමිටුවක් විසින් මෙම වාර්තාව සකස් කර ඇති බව ටර්නි ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

අදාළ වාර්තාවට අනුව නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය කටයුතු තීරණය කරන අතර, සිදුව ඇති සමුද්‍රීය දූෂණය සම්බන්ධයෙන් වන අලාභය ගණනය කිරිම ද කඩිනමින් සිදුකිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

‘දානෙ වලදනවාට වඩා යැපුනේ බඩගෝස්තරයෙන්’ ඇමති ෆොන්සේකාගෙන් නැවතත් භික්ෂූන් වහන්සේලාට අවළාද [Video]

colombotoday

2025දී ආර්ථිකය සුබ අතට

Admin

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

ශෂී වීරවංශට එරෙහි නඩුවේ විභාගය මැයි 2ක

Admin

නව ආරක්ෂක ලේකම්වරයා පත් කෙරේ

Admin

‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගය දිවයිනට

colombotoday