Colombo Today Local News

ගිනිගත් නැවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට මූලික වන්දි ගෙවීමක්

ශ්‍රී ලංකාවට ආසන්නව ගිනිගැනීමට ලක්වූ “එම්ටී නිව් ඩයමන්ඩ්” නෞකාවේ ගිනි නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම එකඟ වී තිබේ.

නෞකාවේ හිමිකරුවන් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

නීතිපතිවරයා විසින් ගිනිගත් එම නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන් වෙත නෞකාවේ ගින්න නිවීමට දැක්වු සහයට හා ඊට අදාළ කටයුතු සඳහා දැරූ වියදම හානි පූර්ණය කිරීම සඳහා හිමිකම් ඉල්ලීමක් පසුගිය 16 වන දා ලිඛිතව ඉදිරිපත් කර තිබුණි.

එම හිමිකම් ඉල්ලීම නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කර ඇත්තේ, රුපියල් මිලියන 340ක් අය කර ගැනීම සඳහාය.

නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාඩ් සමාගම, මීපා ආයතනය (සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ) හා වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලුම පාර්ශවයන් නෞකාවේ ගින්න නිවීම සඳහා දැරූ වියදම් එලෙස ගණනය කර ඇත.

මේ අතර එම නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය පිළිබඳ වාර්තාව අද (24)දින නීතිපතිවරයාවෙත භාරදී තිබුණි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධීකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව මඟින් නෞකාවේ ගින්න නිසා සිදුව ඇති සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ මූලික නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය.

Related posts

ඉන්ධන ගැටළුට කෝප් කමිටුවෙන් නිර්දේශ මාලාවක්

colombotoday

කතරගම මහා දේවාලයට ඉබියතුරු දමයි.. ඉතිහාසයේ මුල්වරට අළුයම දේව පූජාවත් අත්හිටුවයි

colombotoday

16 කණ්ඩායම දේශපාලන ඩිල් එකක.. ඒකාබද්ධය, පොහොට්ටුව විනාශ කරන කුමන්ත්‍රණයක්..

colombotoday

පාස්කු ප‍්‍රහාරය ගැන කියන්න හිටපු ජනපතිට දුරකථනයක් තිබුණේ නැහැ – හිටපු බුද්ධි අධ්‍යක්ෂක පාස්කු කොමිසමේදී කියයි

colombotoday

බෙදුම්වාදී ව්‍යවස්ථාව මේ ආණ්ඩුවේ මිනී පෙට්ටියට ගහන අන්තිම ඇණයයි !

colombotoday

කිඹුලාඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වැල්ලම්පිටියේ එළිසබෙත් අත්අඩංගුවට

Admin