Colombo Today Local News

ගෑස් සඳහා කලු කඩ මිලක්. සිලින්ඩරයක් රු.4500 යි.

ගෑස් සඳහා කලු කඩ මිලක් බිහිවී ඇති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය….


2019-10-25

කලු කඩ මිලට ගෑස් අලෙවි කරද්දී පාරිභෝගික අධිකාරිය නිහඩයි. පාරිභෝගික අධිකාරියේ 1977 හා පොදු අංකය නිහඩ කල සමාගම කුමක්ද? මේ පිළිබදව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ නිහඩ ඇයි?

දිවයින පුරා මේවන විට උග්‍ර ගෑස් හිගයක් පවතන අතර සමහර කඩහිමියන් රැපියල් 4500 ක් වැනි මුදලකට පාරිභෝගිකයින්හට ගෑස් අලෙවි කරනු ලබයි. ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට පැමිණිලි කිරීමට ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියටයි. ඒ 1977 දුරකතන අංකයට. එහෙත් මීට දින තුනකට පෙර අධිකාරියේ 1977 දුරකතන අංකයට මුදල් නොගෙවීම නිසා විසන්ධි කර ඇති බව හා පොදු දුරකතන අංකයට ඇමතීමට නිළධාරීන් අනුයුක්ත කර නොමැති බව අප සංවිධානය විසින් කරන ලද හෙළි දරව්වකදී පැහැදිලි විය. පාරිභෝගික කටයුතු අධිකාරියේ මානව සම්පත් අධ්‍යක්ෂක සම්පත් අංගුලුගම මහතා අප වෙත පැවසූවේ මේ මස 23 වන දින වන විට එම දුරකතන අංකය සදහා අදාල චෙක්පත සූදානම් කර ඇතත් 25/10/2019 දින උදේ වන විටත් එම චෙක්පත දුරකතන සමාගම වෙත යෑවීමට මුල්‍ය අධ්‍යක්ෂකවරයා කටයුතු කර නැති බවයි. වැඩි දුරටත් ඔහු පැවසූවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ හරිහැටි රාජකාරී කරනු ලබන්නේ මානව සම්පත් අංශය පමණක් බවත් 1977 දුරකතන අංකය භාරව කටයුතු කරනු ලබන නීති අංශයේ අධ්‍යක්ෂකවරිය සහ එහි ජේෂ්ඨ විමර්ශණ නිළධාරීයා හරිහැටි රාජකාරි නොකරන බවත්ය. අදලා දුරකතන අංකය සම්බන්ධයෙන් වගකිව යුත්තේ අදාල නිළධාරීන් බවය.
කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන්ගේ කඔ ඇදිල්ල නිසා පීඩාවට පත්වන්නේ මෙරට පාරිභෝගික ජනතාවය.

අප සංවිධානය තවදුරටත් සොයා බලමින් සිටින්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අධ්‍යක්ෂක ජනරාල්වරයා හා වැටලීම් අධ්‍යක්ෂකවරයා, ඇතුලු නඩය කලු කඩ හිමියන්ට පාරිභෝගිකයින් ගසා කෑම සදහා 1977 දරණ දුරකතන අංකය හා පොදු දුරකතන අංකය ගොලු කර ඇත්ද යන්න පිළිබදවයි.


පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගිකයන් ගසා කෑමට ව්‍යාපාරිකයින්ට ඉඩකඩ දෙනු ලබන මෙම අවස්ථාවේදී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය භාර රාජ්‍ය ඇමතිවරයා වන බුද්ධික පතිරණ ඇමතිවරයා සිය රාජකාරි පසෙකලා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වන්දනාවේය. සජිත් ප්‍රේමදාස මහතා බලයට පැමිණියද ජනතාවට සේවය කිරීමට සිටින්නේද? ඔය වැඩ බැරි ටාසන්ලාමය. තමන්ට බලය තිබෙන විට හරියට වැඩනොකරන බුද්ධික පතිරණ වැනි අමාත්‍යවරැ ජනතාවට සේවය කරන ආකාරය පිළිබදව වේදිකාවල පැහැදිලි කරන ආකාරය පිළිබදව අපට නම් සිනහව නවතා ගත නොහැක.
පාරිභෝගිකයිනි,
අපි තව තවත් පාලකයින්ට හුරේ දමමු. මක්නිසාද ඔවුන් තවමත් සිතා සිටන්නේ අපි හරකුන් කියාය.

ස්තුතියි,
මෙයට විශ්වාසී,රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

බැසිල් පාර්ලිමේන්තු ගේන්නේ උත්සව ශ්‍රීයෙන් | ලියුමට පසු සාගර කාරියවසම් මාධ්‍යය හමුවකට

colombotoday

“ජෙරුසලම ඊශ්‍රායලයට විතරක් අයිති නෑ.. පලස්තීනයටත් අයිති විය යුතුයි” – ශ්‍රී ලංකා රජයෙන් නිවේදනයක්

colombotoday

පාර්ලිමේන්තුවට අලුත් පුටු මිළදී ගැනීම : කතානායකගෙන් නිවේදනයක්

colombotoday

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

colombotoday

හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥවරු 158 ක් අත්සන් තබති

colombotoday

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්

colombotoday