Colombo Today Local News

ගෑස් මිල අඩු වීම හා තේ කෝප්පයේ මාධ්‍ය සංදර්ශනය

සමස්ත ලංකා පාරිභෝගික අධිකාරි විමර්ශන නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ගෑස් මිල අඩු වීම හා තේ කෝප්පයේ මාධ්‍ය සංදර්ශනය …

පසුගිය දින රජය මගින් 12.5 kg ගෑස් සිලින්ඩරයක මිල රු.138/-කින් අඩු කරනු ලැබීය.ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියමයෙන් එම මිල අඩු කිරීම නිලවශයෙන් ගැසට් කර එම මිලට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කටයුතු සිදු කරන ලදි..එම මිල අඩු වීමත් සමගම මාධ්‍ය කරලියට ආවේ තේ කෝප්පයයි..එයට හේතුව කිසිදු පදනමක් නොමැතිව එදා සිට මාධ්‍ය ඉදිරියේ ජනතාව මුලා කරන පුද්ගලයෙක් නිසාවෙනි..

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ලෙස මාධ්‍ය ඉදිරියේ රගන පුද්ගලයකු සිට ඔහුගේ අදහස සමස්ත ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස ලෙස නිරෑපනය කිරීමට මාධ්‍ය කටයුතු කිරීම කනගාටුවට කරුණකි..ආපනශාලා නැතිනම් කැන්ටින් ලෙස මුල ශ්‍රී ලංකාවේම ඇති ව්‍යාපාරය සංඛ්‍යාව දාහස් සංඛ්‍යාවක් වුවද එම පුද්ගලයා නියෝජනය කරන සංවිධානයේ සාමාජික සංඛ්‍යාව දිවයිනේ මුලු ආපනශාලා ප්‍රමානයෙන් දශම ගණනකි.එබැවින් ඔහුගේ පදනමක් නොමැති ප්‍රකාශ මාධ්‍ය තුල පල කිරීමෙන් සිදුවන්නේ ජනතාව මුලාවට පත්වීමකි..

රු.138/-කින් ගෑස් මිල අඩු වු විට නින්දෙන් අවදි වී තේ කෝප්පය රු.5/-කින් අඩු කිරීමට කතා කිරීමත්, එලෙසම පසුගිය මාස කිහිපය තුල ගෑස් මිල රු.200/-කට ආසන්නව වැඩි වු විට එවිටද රු5/-කම වැඩි කිරීමට වහසිබස් දෙඩවූයේද මෙම සංගමයයි..එනමුදු අප හට මතක් කිරීමට ඇත්තේ තේ කෝප්පයක සාමාන්‍ය වෙළදපලේ මිල 2014 වසරේද රු.20/-කි.එදා පැවති ගෑස් මිල 2015 වසරේ රු.1500/-කින් අඩු කල විට වෙළඳපලේ ආපනශාලා වල තේ කෝප්පයක මිල අඩු කිරිම රු.5/- සිදු කරන බව මෙම සංගමය වහසිබස් දොඩවන ලදි..

රු.138/- මිල අඩුවීමට රු.5/-ක් අඩුකරන්නේ නම් රු.1500/-ක් අඩු කල විට තේ කෝප්පය රුපියල් කීයකින් අඩුවිය යුතුද…නමුත් මෙම පුද්ගලයාට ආපනශාලාවක් තියා බුලත් කඩයක් වත් නොමැත..එවැනි පුද්ගලයන්ගේ අදහස සමස්ත ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස ලෙස පිලිබිඹු කිරීමෙන් මාධ්‍ය ආයතන සිදු කරනුයේ ජනතාව නොමග යැවීමකි.

ලෝකයේ කිසිදු රටක සැකසු ආහාර පාන සදහා නිශ්චිත මිලක් නියම කල නොහැකි අතර සැකසු ආහාර පාන වල මිල තීරනය වන්නේ එම ආහාර පාන වල සැකසුම් ක්‍රියාවලියේ ගුණත්වය මත වේ. තේ කෝප්පය රු.5/-ට දිය හැක. එම තේ කෝප්පයේ තේ කොළ ප්‍රමාණය ,සීනි ප්‍රමාණය හා පාරිභෝගික තෘප්තිය පිළිබඳ ඇති නිර්නායකයන් කුමක්ද?

එම නිසා මෙවැනි බොලද ප්‍රකාශ මගින් පාරිභෝගික ජනතාව හා සැබෑ ව්‍යාපාරික ප්‍රජාව අතර ගැටුම් ඇතිවන අවස්ථාවන්ද නිර්මාණය විමට ඉඩ ඇත..

එබැවින් සැබෑ තත්වය කුමක්ද යන්න ජනතාවට හෙලිදරව් කිරීම සෑම මාධ්‍ය ආයතනයකම පරම යුතුකම වන බව අප සංගමයේ අදහසයි..

ලංකා දික්කුඹුර
ලේකම්
සමස්ත ලංකා පාරිභෝගික අධිකාරි විමර්ශන නිලධාරීන්ගේ සංගමය

Related posts

පීකොක් මැදුරේ තටාකයේ රත්තරන් නෑ.. පොලීසිය මුට්ටි 2ක් සොයාගනී

colombotoday

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

colombotoday

ඉන්ධන බලපත්‍රයට නව අංගයක් එක් වෙයි

colombotoday

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday