World

ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයි

pk1rV1bafafbb

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ රජයේ අවන් හලක ගවමස් අලෙවි කිරීමට ඇති බවට ලද තොරතුරක් මත සිදු කළ වැලටලීමක් හේතුවෙන් ප්‍රාන්තය පුරා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. එම වැටලීම තරයේ හෙළා දකින බව ප්‍රධාන අමාත්‍ය ඔම් චණ්ඩේ පවසයි. තානායමේ මෙනු පතේ ගවමස් ඇතැයි මුද්‍රණය කර තිබූ බවට දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් කරන ලද පැමිණිල්ලක් මත අදාළ වැටලීම සිදු කර ඇති බවයි කේරල පොලීසිය පවසන්නේ. දිල්ලය තුළ මෙන්ම කේරලයේත් ගවයන් මරා දැමීම සහ මස් වෙළදාම නීතියෙන් තහනම්.

ගවයා හින්දු ආගමක තුළ දේවත්වයෙන් සැළකෙන බැවින් ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත තුළ ගව ඝාතනය සපුරා තහනම් කර තිබෙනවා. ගව ඝාතනයේ යෙදුණු බවට සැකපිට මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු මෑතකදී ඝාතනය කිරීමත් සමග යම්කිසි ආගමික නොසන්සුන්තාවක් ද හටගැණුනු අතර ගව ඝාතනය ඉන්දීය දේශපාලනයද උණුසුම් කරන මාතෘකාවක් වී තිබෙන බව වාර්තා වනවා.

Related posts

කොරෝනා වෛරස ආසාදිතයින් හමු නොවූ රටවල් 10ක්

colombotoday

අමෙරිකාවෙන් තලෙබාන් සංවිධානයට අනතුරු අඟවීමක්

colombotoday

නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසි

Admin

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

පිලිපීනයම මර බියෙන් ඇවිලෙයි.. ISIS ත්‍රස්තයෝ මරාවී නගරය ආක්‍රමණය කරයි (Photo)

colombotoday

අපේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔළු කුඩුවිය හැකියි – චීන ජනපති විදෙස් බලවතුන්ට අනතුරු අඟවයි

colombotoday