Colombo Today Local News

කෝප් කමිටුව ගිනි ගනියි – හොරු රකින්න එජාපයෙන් වෙනම වාර්තාවක්

cope-unpමහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අද (24) පැවති විශේෂ කොප් කමිටු රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

මෙම රැස්වීම සඳහා සහභාගි වී ඇත්තේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පමණයි.

එහිදී ඔවුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව සකස් කළ විකල්ප වාර්තාවක් රැස්වීමට ඉදිරිපත් කළා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාව නිවැරදි නොවන බව එහි සඳහන්ව තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අවස්ථාවේ කෝප් කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊට විරෝධය පළ කළා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමාට මෙම වාර්තාව පිළිගත නොහැකි බවයි.

එසේ ප්‍රකාශ කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපති පුටුවෙන් නැගිට ගියා. එහිදී ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට ප්‍රකාශ කර ඇත්තේ නව සභාපතිවරයෙකු පත් කරගෙන සකස් කර ඇති වාර්තාව තමාට, පසුව භාර දෙන ලෙසයි.

කෙසේ වෙතත් අද පැවති මෙම රැස්වීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රංජන් රාමනායක හා රාවුෆ් හකීම් සහභාගි වී නැහැ.

මේ අතර ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම පාර්ශ්ව කිහිපයක් සඳහන් කළේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටුවෙන් වාර්තා දෙකක් එළිදැක්වීමේ සූදානමක් ඇති බවයි.

Related posts

ගෝල්ෆේස් වෙරළේ මළ සිරුරක්

Admin

අර්ජුන් ඇලෝසියස්ගේ දුක සැප බලන්න මන්ත්‍රී පිරිසක් බන්ධනාගාරයට

colombotoday

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

ෂාෆිගෙන් සැත්කම් කළ පසු දරුවන් අහිමිවූ මව්වරුන් 200කගෙන් පැමිණිළි…

colombotoday

“ආණ්ඩුවේ ගමන් මග මනින්න වසර දෙකක් වැඩිත් එක්ක.. රට යන්නේ විනාශයටයි“ – ජවිපෙ

colombotoday

පරිසර පාලුවෝ ඩෙවොන් රක්ෂිතයට ගිනි තබති… අක්කර 20කට හානි

colombotoday