Colombo Today Local News

කෝප් කමිටුව අද පළමුවරට Online තාක්ෂණය ඔස්සේ රැස්වෙයි

පළමුවරට Online තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම අද පැවැත්වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පැවසුවේ, කැලණි ගගේ ජල දූෂණය සම්බන්ධයෙන් Online තාක්ෂණය ඔසේ කෝප් කමිටු රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා, රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි යන මහත්වරුන් Online තාක්ෂණය හරහා එම සාකච්ඡාවට සම්බන්ධ කර ගැණෙනු ඇති.

මීට අමතරව වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන්, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් අද කෝප් කමිටු රැස්වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ ය.

එම අංශය වැඩිදුරටත් සඳහන් කළේ, කොරෝනා සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කොප් කමිටු කටයුතු සිදු කෙරෙන බැවින් කොප් කමිටුවට පැමිණෙන පිරිස අවම කර ගැනීමට සහ කමිටුවේ කටයුතු කාර්යක්ෂම කර ගැනීමට මෙලෙස Online තාක්ෂණය යොදාගැනීම අරමුණ වී ඇති බවයි.

Related posts

“ඇවන්ගාඩ්“ ලොව සුපිරිම ව්‍යාපාරික සන්නාමය ලෙස යුරෝපා සොක්‍රටීස් සම්මානයෙන් පිදේ

colombotoday

බිත්තර වී වගාවට රසායනික පොහොර නිකුත් කරයි

colombotoday

ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

colombotoday

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

කරවිල ඇටවලින් පිළිකාව නසන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් !

colombotoday

මහ කන්නයේ දී පොහොර ගන්න හෙක්ටයාරයකට 15000ක් ගොවි ගිණුම් වලට

Admin