Colombo Today Local News

කොවිඩ් වෛරසය නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය මෙන්ම සිදුවන මරණ සම්බන්ධයෙන් ද රට යම් බැරෑරුම් ස්ථානයකට ගමන්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ සති දෙකක් වැනි කෙටි කාලයකදී කොවිඩ් මරණ 11ක් වාර්තාවීම අනතුරුදායක තත්ත්වයක් බවය.

එහිදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “රට තුළ කොවිඩ් ව්‍යාප්තියේ පළමු අවස්ථාවේ මාස 9ටම මරණ සිදුවූයේ 13ක්. නමුත් මේ අවස්ථාවේ සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මරණ 11ක් වාර්තා වී තිබෙනවා. මේ මරණයට පත්වුණු සමහර අය කොවිඩ් රෝගීන් කියලා අපි දැනගන්නේ මරණ පරීක්ෂණයේ දි. ඒ කියන්නේ සමහර අය ගෙවල්වලදි තමයි මරණයට පත්වෙලා තියෙන්නේ. මේක අපේ විශේෂ අවධානයට ලක්විය යුතු දෙයක්. අපිට ප්‍රායෝගිකව පේන්න තියෙන දේ තමයි මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ඉදිරියේදී අපිට මීට වඩා වැඩියෙන් කතා කරන්න වෙයි. සමහර අයගෙ, PCR මුල් පරීක්ෂණයේදී නෙගටිව්වෙලා තිබ්ච්ච අයගෙ තමයි මරණයෙන් පස්සේ පොසිටිව් වෙලා තියෙන්නෙ. මේ මරණ ඔස්සේ ඉතා පැහැදිළිව පේන්නේ PCR පරීක්ෂණ නැවත නැවත සිදුකිරීමට ඇති අවශ්‍යතාවය. වයසක අය තමයි ගොඩක් මේ ගෙවල්වල මරණයට පත්වෙලා තිබුණේ. ඒකෙන් පැහැදිළි වන දේ තමයි සමාජයට ගිහින් නෙමෙයි ඒ අයට බෝ වුණේ. වෛරසය ගෙදරට ඇවිල්ලා. අවදානම් කණ්ඩායම් රැකබලා ගැනීමට ජනතාවට ලොකු වගකීමක් තියෙනවා.” යනුවෙනි.

Related posts

බංග්ලාදේශය ගත්ත ණය ගෙවීම ගැන මහබැංකු අධිපතිට මතක් කරයි

colombotoday

වල් අලි ගෙවල් බිදිති. | මිනිස් ජීවිත බිලි ගනී. | වන ජීවි නිලධාරින් නිහඩයි.

colombotoday

තවම විපක්ෂ නායක මමයි – සම්බන්ධන්

colombotoday

තජුඩීන් ඝාතන සිද්ධියට නාරාහෙන්පිට OIC අත්අඩංගුවට

colombotoday

“ජනමත විචාරනයකට යන අලුත් ව්‍යවස්ථාවකට මෛත්‍රීට ජනවරමක් නෑ“ – එස් බී

colombotoday

ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුවෙන්මයි. වෙන පක්ෂවලට අඩව් අල්ලන්න බෑ

colombotoday