Colombo Today Local News

කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ නවතම හෙළිදරව්ව

කොරෝනා වෛරස ගෝලීය වසංගතයේ බලපෑම දශක ගණනාවක් ලොව පුරා පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පසුගිය මාස 6 තුළ කොවිඩ්-19 වසංගතයේ බලපෑම පිළිබඳව ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා කමිටුව මේ බව ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් 18 දෙනෙකු සහ උපදේශකයන් 12 දෙනෙකු ඇතුළත් එහි හදිසි සේවා කමිටුව ජිනිවා නුවර දී ඊයේ රැස්වූයේ කොවිඩ්-19 ගෝලීය වසංගතය ආරම්භවීමෙන් පසු 4 වන වතාවටයි.

කොරෝනා වෛරසය ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේ චීනයෙන් පිටත ආසාදිතයන් සියයකට අඩු සංඛ්‍යාවක් සහ කිසිදු මරණයක් වාර්තා නොවුණු තත්ත්වයක් යටතේයි.

Related posts

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday

සහල් මාෆියාවට තිත-වී ගබඩා ආශ්‍රිතව මහා ශ්‍රමදානයක්

Admin

කාන්තාවක් අතුරුදන්…

Admin

කොල්ල කෑ ස්මාර්ට් දුරකථනයේ වතුකරයේ තරුණියන් අට දෙනකුගේ නිරුවත් වීඩියෝ

colombotoday

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට උපදේශක කමිටුවක් පත් කරයි

colombotoday

කොරෝනා ආසාදිතයන්ට දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි..

colombotoday