Colombo Today Local News

කොරෝනා වෛරසයට ගොදුරු වූ තවත් පුද්ගලයෙක් පිලිපීනයේදි මියයයි

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට පිටතදී මියගිය පළමු රෝගියා පිලිපීනයෙන් වාර්තා වන බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ චීනයේ වූහාන් හි පදිංචි චීන ජාතික පිරිමි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිලිපීනයෙන් වාර්තා වූ පළමු කොරෝනා වෛරසය වැළදුනු කාන්තාව මෙම පුද්ගලයාගේ බිරිද ද වේ.

ඇය වයස අවුරුදු 38ක් වූ කාන්තාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොවුන් දෙදෙනා පිලිපීනයේ මැනිලා නුවර රෝහලක ප්‍රතිකාර ලැබූ අතර, එහිදී වයස අවුරුදු 44ක් වූ පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය වාර්තා කළේය.

ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 305ක් වේ.

Related posts

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin

ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක්

colombotoday

නීතියට එකග නෑ, ව්‍යවස්ථාවටත් පටහැනියි “ඔබට මෙහෙ නඩු අහන්න බෑ“ – හිටපු ජනපති ජපන් විනිසුරුට කියයි

colombotoday

ගාලු වරායේ ව්‍යාපෘතියක් නවතී… කෝටි 42ක් වතුරේ

colombotoday

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධූරය ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩට

colombotoday

එජාප සන්ධානයේ නම – ලකුණ අද

colombotoday