Colombo Today Local News

කොරෝනා පාලනයෙන් ගිලිහිලා, ලොවපුරා මිලියන ගණනක් මිය යා හැකියි – UN අනතුරුඅගවයි

නව කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ලොවට අනතුරු ඇඟවීය.

මෙම වයිරසය දුප්පත් රටවල පැතිර ගියහොත් විශාල හානියක් සිදුවිය හැකි බව කී මහලේකම්වරයා ඉන් වැළැක්වීමට නම් මුළු ලොවම නව කොරෝනා වයිරසයට එරෙහිව එක්ව සටන් කළ යුතු යැයි ද කීය.

‘‘ලැව්ගින්නක් ලෙස වයිරසයට ව්‍යාප්ත වීමට ව්‍යාප්ත වීමට ඉඩ දුන්නොත් මිලියන ගණනක් මිය යන්න පුළුවන්. විශේෂයෙන්ම ලොව අවදානම් කලාපවලට මෙයින් වෙන්න පුළුවන් හානිය ඉතාම වැඩි’’ යැයි ද ඔහු කීවේය.

‘‘මුළු ලෝකයම සහයෝගයෙන් සහෝදරත්වයෙන් වැඩ කරන්න ඕනෑ. හැමෝම මේකට උනන්දු වෙන්න ඕනෑ. මේ සඳහා සදාචාරාත්මක අවශ්‍යතාවක්. එය අත්‍යවශ්‍ය’’ යැයි ද හෙතෙම කීය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ‘‘සෞඛ්‍ය ව්‍යවසනයක්’’ යැයි ද ඒ සඳහා මුළු ලොවම එක්ව සටන් කළ යුතු යැයි ද හෙතෙම කීය.

‘‘හැම රටක්ම ඔවුන්ට හැකි පමණින් ඔවුන්ගේම උපායමාර්ග ගනිමින් ඉන්නවා. මේ කටයුත්තකම විනිවිදභාවය තිබිය යුතුයි.

අපි ඉක්මන් පියවර ගත යුතුයි. ඒ වගේම අර්බුදයකට මුහුණ දීමට ශක්තිය නැති රටවලට උදව් උපකාර කළ යුතුයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය බහුපාර්ශ්වීය සටනක් ගෙන යනවා. සෑම රටක්ම සෑම ආණ්ඩුවක්ම ඊට සහයෝගය දැක්විය යුතු’’ යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

– lankadeepa

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මුලන්කාවිල් දෙමළ වැසියන්ගේත් වීරයෙක්.. මානුෂීය මෙහෙයුමේ විශිෂ්ට සේවාවෙන් බිදක් මෙන්න

colombotoday

රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධය

colombotoday

තවත් රක්ෂිතයක් විනාශ කරලා – නිලධාරීන්ගෙනුත් උදව් ලැබෙන බවට චෝදනා

colombotoday

හම්බන්තොට වරාය වසර 200ක චීනයට දෙන ගිවිසුම ජනවාරි 6-7 අත්සන් කරයි

colombotoday

නව මහාධිකරණ විනිසුරුවරුන් 12කට පත්වීම්

colombotoday

මං විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති කරන්න- සජිත්

colombotoday