Colombo Today Local News

කොරෝනා නීති කඩ කළ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල්ට නඩු

නිරෝධායන පනත උල්ලංඝනය කළේ යැයි කියන ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඇගේ දියණියට එම පනත යටතේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇතැයි ඉරිදා දිවයින පුවත්පත වාර්තා කර සිටියි.

ඒ අනුව ඉදිරියේ දී නිරෝධායන පනත යටතේ චෝදනා ගොනු කිරීමට නියමිතව ඇතැයිද වාර්තාවේ.

මෙම පනත යටතේ වැරදිකරුවකු වුවහොත් රුපියල් දස දහසක දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ ඉහත දඬුවම් දෙකටම යටත් විය හැකිය.

එංගලන්තයේ සිට මෙරටට පැමිණි මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය මීගමුව ප‍්‍රදේශයේ හෝටලයකදී දින 14ක නිරෝධායනයට ලක් වී නල්ලූර්හි චෙම්මිණි පාරේ පිහිටි ඇගේ නිවසේ තවත් දින දාහතරක් නිරෝධායනයට ලක් විය යුතුව තිබුණ ද ඇය පසුගිය 19 වැනිදා සිය පියා සමග මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබිණි.

එහිදී මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට සහ ඇගේ දියණියට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ විරෝධය එල්ල විය.

Related posts

පාකිස්ථාන් ජෙට් ගනුදෙනුව නවතී.. ඉන්දියානු යානා ගන්නැයි බලකරන්න ඉන්දීය ලොක්කෙක් ලංකාවට !

colombotoday

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

පූජිත් ජනපති කොමිසමට එයි

colombotoday

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

colombotoday

ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කදවුරක්…? ගිවිසුම සූදානම්

colombotoday

අධි බලැති පුපුරන ද්‍රව්‍යක් වන රතු රසදිය සිලින්ඩර තුනක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday