Colombo Today Local News

කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි කොබෙයිගනේ හා රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලටත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙට(14) අලුයම 4 දක්වා මෙම ප්‍රෙද්ශවලට පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි. 

මේ අතර අද(13) සවස 2 සිට කුලියාපිටිය , බිංගිරිය, දුම්මලසූරිය සහ  හෙට්ටිපොළ යන පොලිස් බල ප්‍රදේශවලටද පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

මේ අතර කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයට ‍අද අළුයම 12 සිට උදෑසන 6 දක්වා ද පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවු බවයි.

ඒ මහතා පැවසුවේ ඇඳිරී නීතිය කඩ කරන පුද්ගලයින් හට දැඩිව දඬුවම් පනවන බවයි.

Related posts

දිනකට 100 දෙනෙක්ට නෙළුම් කුළුණෙන් පහළට පනින්න අවස්ථාව

colombotoday

තව්හිද් ජමාත් ත‍්‍රස්තයෝ 1000 ක් ශ‍්‍රී ලංකාවේ : රට පුරා කඳවුරු 17 ක පුහුණුව ලබලා

colombotoday

හෝදලා – වේලලා විකුණන පිටකොටුවේ මාස්ක් ?

colombotoday

දැරියකට අතරවර කර එජාප අපෙක්ෂකයා ගමෙන් පනී..

colombotoday

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු ‘ඉමා’ STF අත්අඩංගුවට

Admin