Colombo Today Local News

කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල් ලබාගෙන වැඩ ආරඹා නැති කොන්ත්‍රාත් ගිවිසුම් අවලංගු කිරිමට නීතිමය හැකියාවන් පවතී දැයි සොයා බලන ලෙස ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙස්

ටෙන්ඩර් පටිපාටියට අනුකුලව මහාමාර්ග හා මාර්ග ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල්ද ලබාගෙන එම මාර්ග ඉදිකිරිම ආරම්භ නොකර ප්‍රමාද කරමින් සිටින කොන්ත්‍රාත්කරුවන්ගේ කොන්ත්‍රාත් අවලංගු කිරිමට කටයුතු සොයා බලන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දී ඇත. මෙම වැඩ ආරම්භ නොකර සිටින කොන්ත්‍රාත්කරුවන්ගේ ගිවිසුම් වහාම අවලංගු කිරිම සදහා අවශ්‍ය නීතිමය හැකියාවන් පිළිබදව කඩිනමින් තමන් වෙත දන්වන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

විවිධ ප්‍රදේශ වලින් මහජනතාව මෙන්ම විවිධ සංවිධාන හා සමිති වලින් මහාමාර්ග වල වැඩ ආරම්භ නොකල කොන්ත්‍රාත්කරුවන් ගැන මේ වන විටත් පැමිණිලි රාශියක් ලැබී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ප්‍රමාද කිරීමෙන් වැඩිපුර ගාස්තු පවා ගෙවීමට සිදුවන අතර නාස්ති වන්නේ මහජන මුදල් බවත් මෙසේ මහජන මුදල් නාස්ති කරන කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව පොදු දේපල යටතේ නඩු පැවරීමට ඇති හැකියාව පිළිබදවද සොයා බලන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

2024 වර්ෂය අවසන් වන විට රටපුරා ව්‍යාප්ත වී තිබෙන කිලෝ මීටර් ලක්ෂයක ප්‍රධාන මාර්ග, අධිවේගී මාර්ග, ග්‍රාමීය මාර්ග යනාදී සියලු මාර්ග වල සංවර්ධන කටයුතු අවසන් කර ඒවා ජාතික මාර්ග පද්ධතියට එක් කිරිම අතිගරු ජනාධිපතිතුමාගේ අභිලාෂය බැවින් මේ වන විට කොන්ත්‍රාත් ප්‍රධානය කර වැඩ ආරම්භ නොකල මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබදව සොයා බලන ලෙස අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී.

Related posts

මාළඹේ පුද්ගලික වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකග වෙයි

colombotoday

ජනපති මෛත්‍රී උතුරු කොරියාවේ එළිපත්තටම යයි.. බැලස්ටික් මිසයිලයට ලිඛිතව විරෝධය දක්වයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

colombotoday

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

ගෑස් මිල සංශෝධනය අද

Admin

සෝම හිමිගේ ජනවිජය පදනමෙන් හෙළ උරුමයට පණිවිඩයක් (Video)

colombotoday