Colombo Today Local News

කොන්ක්‍රීට් තට්ටුවක් ඇඟට වැටී දෙදරු පියෙක් මරුට

මහරගම, අඹගහපුර, සමාධි මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉදිකර තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් සහ කණුවක් ඉවත් කිරීමට ගිය පුද්ගලයෙක් ඊට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේ මිය ගොස් ඇත්තේ, නක්කාවිට, දැරණියගල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි.

පිළියන්ද පෞද්ගලික ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත් ආයතනයක සේවය කළ එම පුද්ගලයා අනතුර සිදුවු නිවසේ සේවය සඳහා ඊයේ (12)දින උදෑසන 7.30ට පමණ ගොස් තිබේ.

එහිදී කොන්ත්‍රාත් සමාගමේ අයිතිකරු විසින් කොන්ක්‍රීට් තට්ටුව හා කොන්ක්‍රීට් කණුව කඩා ඉවත් කිරීමට උපදෙස් දී ඇත.

ඒ අනුව කොන්ක්‍රීට් කපන යන්ත්‍රියකින් කොන්‍ක්‍රීට් තට්ටුව මැදින් කපා පෙරළීමට සුදානම් ව සිටි අවස්ථාවේ දී කොන්ක්‍රීට් තට්ටුව එකවරම ඔහුගේ ඇඟ මතට කඩා වැටී තිබේ.

කොන්ක්‍රීට් තට්ටුව අතර සිර වී සිටි පුද්ගලයා බේරා ගැනීමට කොන්ත්‍රාත් සමාගමේ අයිතිකරු හා නිවෙස් හිමියා බැකෝ යන්ත්‍රයක් කැඳවා උත්සහ කළ ද එය අසාර්ථක වී ඇත.

පසුව අදාළ ස්ථානයට පැමිණි මහරගම කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ඩග්ලස් රූපසිරි මහතා සහ මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හදිසි මරණ පරීක්ෂණය පවත්වා මළ සිරුර කළුබෝවිල රෝහලට ගෙන ගොස් තිබේ.

සිද්ධිය වු ස්ථානයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලීසිය පවසයි.

Related posts

”බැංකුවෙන් සල්ලි ගන්න ගියේ නිත්‍යානූකූල වැඩවලට” – ඇමතිගෙ ප්‍රකාශය ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

Admin

අනතුරට පත්වූවන් බේරාගන්න ගිය හෙලිකොප්ටරය අනතුරේ

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යළි වැඩ ආරම්භයි

colombotoday

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday

“එජාපය ට අවාසයි” බැදුම්කරය ගැන ප්‍රචාර තහනම් කරන්නැයි එජාපය මැ.කො. ගෙන් ඉල්ලයි

colombotoday

කොන්ද කෙළින් තියාගන්න, අවුන් සාන් සුචී ආදර්ශයට ගන්නැයි ජනපති මෛත්‍රීෙගන් ඉල්ලයි…

colombotoday