Colombo Today Local News

කොටි සැමරුම් සපුරා තහනම්… ආරක්ෂක අංශ සීරුවෙන් !

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජන්ම දිනය අදට (26) යෙදී ඇති හෙයින් එම දිනය උතුරු ප්‍රදේශයේ සැමරීමක් සිදුකෙරෙන්නේද යන්න පිළිබඳවත් අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමටත් උතුරේ ආරක්ෂක අංශ සීරුවෙන් සිටියි.

යුද සමයේදී මෙන්ම යුද්දයෙන් පසුව අවස්ථා කිහිපයකදි   කොටි නායකයාගේ ජන්ම දිනය උතුරේ ස්ථාන කිහිපයකදි  රහසිගතව සැමරුණු  අතර අද දිනයේදීද එවැනි සැමරුම් සිදුවන්නේද යන්න පිළිබඳව ආරක්ෂක අංශ සීරුවෙන් සිටින අතර ඊයේ රාත්‍රියේ  සිට අද (26) උදෑසන වන තුරුත් එවැනි සැමරිමක් වාර්තා  වි  නොමැති බවට උතුරේ ආරක්ෂක අංශ පවසයි.

එමෙන්ම සෑම වසරකම පාහේ යාපනය විශ්ව විද්‍යාලයේ කොටි නායක ප්‍රභාකරන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් කේක් කැපීම හෝ කුමක් හෝ සැමරුමක් එහි සිසුන් විසින් 26 වනදා අලුයම හෝ එදින රාත්‍රියේ රහසිගතව සිදු කෙරෙන අතර මෙතෙක් එවැනි සැමරිමක් යාපනය විශ්ව විද්‍යාලය තුළින්ද වාර්තා  වි  නොමැති බවට ආරක්ෂක අංශ විසින් පෙන්වා දෙයි.

තහනම් ත්‍රස්ත සංවිධානයක් හෝ එම සංවිධානයක නායකයෙකු කිසියම් පුද්ගලයෙකු ප්‍රසිද්ධියේ සිහිපත් කොට සැමරිමක් සිදු කරනු ලබන්නේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක  කිරිමට පියවර ගන්නා බවටද උතුරේ ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි.

Ada.lk

Related posts

යාපනයේ භූගත ජල උල්පත් වලට කලූ තෙල් මුසු වෙයි. පිපාසයට ජල බිඳක් නැතිවෙන ලකුණු

colombotoday

තිතටම මත… සතොස අලෙවිසැල්වලත් බියර් සහ වයින් !

colombotoday

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද? – ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

දෙවන පාසල් වාරය හෙටින් අවසන්

Admin

පාරකට නම් ගහන්න ගිය ඇමති සිරිපාල ගම්ලත් ට දැඩි විරෝධයක්

Admin

සමගියේ ආර්ථික කණු තුන ගැලවෙන ලකුණු

Admin