Colombo Today Local News

කොකේන් කිලෝ 729ක් හෙට විනාශ කරයි – අධීක්ෂණයට ජනපතිත් එයි

ආරක්ෂක අංශ මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 729ක් හෙට (01) සපුගස්කන්ද පිහිටි රජයේ ගබඩා සංකීර්ණයකදී දිය කර විනාශ කෙරෙන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි පවසයි.

මෙරටදී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් මත්ද්‍රව්‍ය මෙලෙස ප්‍රසිද්ධියේ විනාශ කෙරෙන්නේ දෙවන වතාවටය. ඉකුත් වසරේ ජනවාරි 23 දා කටුනායක වෙළෙඳ කලාපයේදී ප්‍රථම වරට කෙකේන් මත්ද්‍රව්‍ය මෙසේ ප්‍රසිද්ධියේ විනාශ කෙරුණි.

එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයෙන් කාර්මික දැනුම ලබාගෙන අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ රසායනාගාර සහාය ලබාගෙන රස පරීක්ෂක වෙත යොමු කර අන්තර් ජාතික ප්‍රමිතිය යටතේ මෙම මත්ද්‍රව්‍ය දිය කර විනාශ කරනු ලබන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි පැවැසීය.

විදේශීය රටවල විෂ මත්ද්‍රව්‍ය විනාශ කෙරෙන්නේ ඉන්ධන දමා පිළිස්සීමෙන් වන අතර ලංකාවේ එසේ සිදුනොකර පරිසරහිතකාමී අයුරින් විනාශ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව හෙට දහවල් 11.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහේස්ත්‍රාත්වරුන් කීපදෙනෙක් ඉදිරියේදී මෙකී මත්ද්‍රව්‍ය දිය කර පසුව පුත්තලම සිමෙන්ති කම්හල වෙත ගොස් දහනය කෙරේ.

Related posts

විගණන පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය දෙයි

colombotoday

තෙල් පෝලිමේ සිටි තවත් අයෙකුට මරණය හිමි වෙයි

colombotoday

ලංගමට අයත් සියලු රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ නිවාඩු අවලංගුකරයි

colombotoday

ජනපතිට 67යි… රටපුරා පිංකම්…

colombotoday

අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙයි. රනිල් තවමත් නෑ

colombotoday

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday