දකුණු ඉන්දියානු ප්‍රාන්තයක් වන කේරළයෙහි සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (07)දින රාත්‍රී අදාල ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇඳ හැලී ඇති අතර මේ හේතුවෙන් නාය යාම සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් නායයාමෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනයක් නිකුත් කරමින් මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබේ.