Colombo Today Local News

කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

මේ දින වල රට තුළ පවතින තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව වටා වූ මුහුදු තීරයේ මුර සංචාරයන් තර කිරීමට නාවික හමුදාව පියවර ගන්නා ලදි. ඒ අනුව සිදු කරන ලද මුර සංචාරයන්හි ප්‍රථිපලයක් ලෙස අද (13) මුර සංචාරයන්හි යෙදී සිටි උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් පේදුරු තුඩුව, මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරික්‍ෂා කිරීමේදී එම යාත්‍රාව තුල ගෝනි මලු පහක (05) සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 133 ග්‍රෑම් 57 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්විය.

එහිදී එම කේරළ ගංජා තොගය, යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, එම සැකකරුවන් වයස අවුරුදු 22, 26 සහ 37 යන වයස්වල පසුවන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. මෙම කේරළ ගංජා තොගය විදේශීය යාත්‍රාවක් හරහා මෙම සැකකරුවන් පැමිණි යාත්‍රාව වෙත මුහුදේදී හුවමාරු කරගෙන ඇත.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශණ නාවික හමුදාව සහ පොලිසිය මගින් සිදු කෙරෙනු ලබයි.

Related posts

හෝටලයකට පැන වේටර්ට තඩි බෑ නි.ඇමති තෙවරප්පෙරුමට ආපන ශාලා හිමි සංගමයේ විරෝධය

colombotoday

වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සොයන්න කමිටුවක්..

Admin

රාජිතට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…

colombotoday

“දොස්තර ළමයි විතරද ළමයි.. අපේ ළමයින්ටත් සුපිරි පාසල් ඕනෑ“ අධ්‍යාපන සේවකයෝත් සටන බහී

colombotoday

හිටපු ඇමතිකෙනෙක් කියනවා මං අගමැතිට කීකරුයිලු..

colombotoday

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin