Colombo Today Sports News

කුලසේකර ක්‍රිකට් වීරයා සමුගැනීමට ක්‍රිකට් ආයතනයෙන් තරගයක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මෙම ඉල්ලීම ලිඛිතව කර ඇති අතර ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සලකා බලා තීරණයක් ගන්නා බවයි.

ලසිත් මාලිංගද මීට පෙර සඳහන් කළේ තම අවසන් එක්දින තරගයේදී නුවන් කුලසේකර කණ්ඩායමට එක්කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ඔහුත් සමගම එක්දින පිටියෙන් සමුගැනීමට කටයුතු කරන බවත්ය.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගාවලියට නුවන් කුලසේකර නම්කර නොතිබුණි. එසේම මාලිංගද ඊයේ සඳහන් කළේ බංග්ලාදේශ කණ්ඩායම හා ජුලි 26 දා පැවැත්වෙන පළමු තරගයෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බවයි.

නුවන් කුලසේකර අවසන් වරට ශ්‍රී ලංකාව නියේජනය කර ඇත්තේ 2017 වසරේදීය.

Related posts

චමින්ද වාස් තවත් තනතුරක් අතහරී.. 26ට පසු කිසිම සහයක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නෑ

colombotoday

සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගන හේරත්ට

colombotoday

ICCය වසරේ විස්සයි විස්ස කණ්ඩායම නම්කරයි

colombotoday

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්

colombotoday