Colombo Today Local News

කුරුණෑගල රෝහලේ සිටි තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අද (24) සවස තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

මොවුන් දෙදෙනා අලව්ව සහ පොල්ගහවෙල පදිංචිකරුවන් වේ . මේ ආසාදිතයන් දෙදෙනාද සමග මේවනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන සිටින කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 5 කි . ඉන් තිදෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වේ .

මොවුන් තිදෙනාම වැලිසර කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණ ඇති අය බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය .

Related posts

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

Admin

26 දා දුම්රිය වර්ජනයක්.. හෙට සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීම නවතී.

colombotoday

යාපනයට සුළිකුණාටුවක්

Admin

රට බෙදා වෙන් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි

colombotoday

සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?

colombotoday

දුර්ලභ ගණයේ කෝටි 100ක මැණිකක් මෙරටින් හමු වෙයි

colombotoday