Colombo Today Local News

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

කොරෝනා වසංගතයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන  තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (28) දිනයේ සිට ලබන මස 10 වන දින දක්වා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට කුරුණෑගල නීතිඥ සංගමය තීරණය කර ඇත.

කුරුණෑගල නීතිඥ සංගමය විසින් ගනු ලැබූ මෙම තීරණය කුරුණෑගල නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ පියුමාල් හේරත් මහතා විසින් කුරුණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරුවරයාට සහ ඒ යටතේ වන සෙසු අධිකරණ වල විනිසුරුවරුන්ට හා වයඹ පළාත්බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයාටද ලිපි මඟින් අද දැනුම් දී ඇත . 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල  මහාධිකරණ සංකීර්ණය , මහේස්ත්‍රාත් අධිකරණ හා වයඹ පළාත් සිවිල් අභියාචන මහාධිකරණය , පොල්ගහවෙල , රම්බඩගල්ල , පිලැස්ස , මහව , නිකවැරටිය , වාරියපොල , කුලියාපිටිය  යන මහේස්ත්‍රාත් අධිකරණ තාවකාලිකව වසා දැමීමට මැදිහත් වන ලෙස කුරුණෑගල නීතිඥ සංගමය විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඊයේ (26) දිනයේ ඉල්ලීමක්ද කර තිබුණි .

තවද පොල්ගහවෙල , වාරියපොළ  ප්‍රදේශ මේ වන විට දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර අලව්ව , පොල්ගහවෙල සහ වාරියපොළ පොලිස් බල ප්‍රදේශ වලින් හමුවූ රෝගය ආසාදනය වූ තැනැත්තන් හා ගැවසුණු පුද්ගලයන් නිසි පරිදි අනාවරණය කර ගන්නා තුරු මෙම අධිකරණද ඉහළ අවදානමක් පවතින අධිකරණ ලෙස පියුමාල් හේරත් මහතා එමගින් පෙන්වා දී ඇත.

මෙම ඉල්ලීමට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට දිනයේ සිට මෙසේ තාවකාලිකව නඩු කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව පියුමාල් හේරත් මහතා සඳහන් කළේය .

මෙසේ කඩු කටයුතු වලින් ඉවත් වීමෙන් පසුව ඉහත අධිකරණ වල ඇති තම නඩු කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විස්තර තම නීතිඥවරුන් අමතා ලබා ගන්නා ලෙසද නීතිඥ පියුමාල් හේරත් මහතා මහජනතාව දන්වා සිටියි .

Related posts

පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් හැර අගමැති ඉවත් කරන්න ජනපතිට බලයක් නෑ

colombotoday

දෙවන විශ්වාසභාංගයත් ජනපති විසි කරයි…. විධිමත් ක්‍රමයට කරන්නැයි දන්වයි…

colombotoday

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

colombotoday

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

හෙට සහ අනිද්දා කොළඹ විරෝධතා වැළක්වීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

මානූෂීය මෙහෙයුම අවසන් කළ කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකටත් “මාර්ෂල්” තනතුරු

colombotoday