Colombo Today Local News

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ වැසිකිළි වලක් කැපීමේදී පොළොව මට්ටමේ සිට අඩි 8 ක් පමණ ගැඹුරකදී ඉපැරැණි මිනිස් සිරුරක බවට සැක කරන පොසිලයක කොටස් හමුවී තිබේ.
                                                                                                              
නාරම්පනාවේ පදිංචි වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස සේවය කරන මිල්ටන් සෝමරත්න මහතාගේ නිවස පිහිටි ඉඩමේ තිබී මෙම පොසිල කොටස් හමුවී තිබේ . ඔහු මීට වසර 15 කට පමණ පෙර මෙම ඉඩම මිළදීගෙන පදිංචියට පැමිණ ඇත .
 
ෙවැසිකිළි වල අඩි තුනක් පමණ  කැනීමේදී හුනුගල් ස්ථරයක් හමුවූ බවද එය තව දුරටත් යටට කැඩීමට උත්සාහ ගත් අවස්ථාවෙිදි සුදු පැහැයෙන් යුත් දැඩි ලෙස ඝනීභවනය වීමට ලක්වූ මෙම පොසිලය දැකගත හැකිවූ බවද සෝමරත්න මහතා පැවසීය .

අඩි 7 ක් පමණ දිගින් සහ අඩි 4 ක් පමණ පළලට මේවනවිට මෙම පොසිලය දර්ශනය වන බවද එය තව දුරටත් කැණීම් කළහොත් ඊට වඩා පොළොව යටට සහ දෙපසට මෙය පැතිරී ඇතැයි විශ්වාස කරන බවද සෝමරත්න මහතා සඳහන් කළේය .
 
 මෙම පොසිලයේ වෙන්ව තිබූ කොටස් එක්රැස් කර බැලීමේදී මිනිස් කශේරුකාවට සමාන අස්ථි කොටස් පැහැදිලිව දැකගත හැකිය . එසේම මෙම අස්ථි කොටස් ඉතා බරෙන්ද යුක්තය .
 
සෝමරත්න මහතාගේ දැනුම්දීම මත හෙට (10)  පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම පොසිලය පරීක්ෂා කිරීමට පැමිණීමට නියමිතය .

Related posts

බැඳුම්කර සිද්දිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඇමති රවීගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

colombotoday

සියලුම දෙනා අල්ලාගේ අණට කිකරුවිය යුතුය – දිනකට පස් වතාවක් රටපුරා පල්ලිවල කියන දේ

colombotoday

17 පෙම්වතාගේ කලින් පෙම්වතිය එක්ක පෝට් සිටි සංගීතයට ආ කෝටිපති ව්‍යාපාරිකයාට පහර දී මරා දාලා…

Admin

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් ලබා දෙයි

Admin

“එකසත් ජාතික පක්ෂය නිසයි මේ රට නැති වුණේ” – අස්ගිරි මහ නා හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

colombotoday

ඇමතිලාගේ, කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday