Colombo Today Local NewsExclusive :featured

කිරිපිටි නමිත් මෙතෙක් කල් බී ඇත්තේ වස…

ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ උරුතෙල් , ෆාම් ඔයිල් , ලැක්ටොස් මිශ්‍රකර ඇති බවට පැමිණිලි රාශියක් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විදේශීය පර්යේෂණාගාරය පරීක්ෂාකර බැලීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු , සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඊයේ (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ලැක්ටොස් සහ ඌරු තෙල් , ලැක්ටෝස් සහ ෆාම් ඔයිල් කලවම් කර ලංකාවට එවන කුඩු වර්ග  ,ලංකාවේ ජනතාව කිරිපිටි නමින් පානය කරන බවට පැමිණිලි ලැබී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලංකාවේ වෙළෙදපොළේ ඇති කිරිපිටි සාම්පල පරීක්ෂාකර බැලීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් ලංකාවේ පර්යේෂණ ආයතනයට මුදල්ගෙවා භාරදුන්නද සති දෙකකට පසුව එම ආයතනය එය පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ බවද බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

ලංකාවේ කිරිපිටි සමාගම් මෙම සමාගමට අල්ලස් ලබාදී ඇති බවට සැකයක් පවතින බවත් ඒ හෙතුවෙන් විදේශීය පර්යේෂණගාරයකින් මෙම පර්යේෂණ සිදුකරන බවද බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ කාරණය සත්‍ය කාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුවට පැවසීය. එමෙන්ම මෙම කාර්ය සම්බන්ධයෙන් විපක්ෂයේ සියළුම සහයෝගය ලබාදෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසු අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

සමහර කිරිපිටි සමාගම් කිරිපිටි නාමයෙන් ලංකාවට ගෙන්වන දේවල් වල තියෙන්නේ ඌරු තෙල් කියලා පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබිලා තිබෙනවා. ලැක්ටොස් සහ ෆාම්ඔයිල් කලවම්කරලා හදන කුඩු ජාතියක් කිරිපිටි නමින් ලංකාවට ගෙන්වනවා කියලා අපිට පැමිණිලි ලැබිලා තියෙනවා. නවසීලන්තයෙන්ම පමණයි කියලා ගෙන්වන සමහර කිරිපිටිවලත් මේ දේවල් අන්තර්ගතව තිබෙනවා කියලා වාර්තා වෙනවා. නවසීලන්තේ මේ මොහොතේ සිටින සියළු වස්සෝ වැස්සියන්ට කිරි එරුනත්  මේ ලංකාවට අවුරුද්දකට එන ප්‍රමාණයේ කිරිපිටි නිෂ්පාදනය කරන්න බැහැ කියලා මේ ලැබී තිබෙන වාර්තා අනුව පෙනෙනවා.

ලැක්ටොස් සහ ඌරු තෙල් , ලැක්ටෝස් සහ ෆාම් ඔයිල් කලවම් කර එවන කුඩු ලංකාවේ අපි කිරිපිටි නමින් බොනවා කියලා අපිට පැමිණිලි ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ සිදුකරපු පර්යේෂණ වාර්තාවක් ලැබී තිබෙනවා.  ඒ වගේම පාරිභෝගික අධිකාරිය මුදල් ගෙවලා මේම කාරණය සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න පෞද්ගලික ආයතනයකට භාරදුන්නා. ඔවුන් කිරිපිටි සාම්පල් අරගෙන පරීක්ෂා කරන්න අපෙන් මුදල් භාරගත්තා. එහෙම අරගෙන සතිදෙකක් යනකොට පරීක්ෂා කරන්න බැහැ කිව්වා. මේ නිසා කිරිපිටි සමාගම් මෙම පරීක්ෂණ ආයතන වලට අල්ලසක් ලබාදීලා පරීක්ෂණ යටපත් කළාද කියලා අපිට සාධාරණ සැකයක් තිබෙනවා. මේ නිසා විදේශයෙන් මේ පිළිබඳ පරීක්ෂා කරන්න අපි කටයුතු කරනවා.

Related posts

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 125 වැනි ජන්ම දිනය සමරයි

Admin

රාජාංගනයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා.. ආසාදිතයින් ගණන 2688 දක්වා ඉහළට

colombotoday

විජයකලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට සහ අගමැතිට බාර දෙයි

colombotoday

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල අහස උසට නගී

Admin

ඥානසාර හිමිට නොකල වරදවල් 4 ක් ඔප්පු කොට දඩුවම් දුන්නා – බොදු බලෙන් ජනපතිට ලිපියක්

colombotoday

බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන්නැයි දැනුම්දීමක්

colombotoday