Colombo Today Local News

කෑගල්ල බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවේ

කෑගල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියකුට හෙරෝයින් රැගෙන යමින් සිටි කාන්තාවක් පින්දෙනිය පොලිස් වසමේ පාලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17)දින උදෑසන නාරන්බැද්ද විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුක් මත එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 350ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

එම සැකකාරියගේ ප්‍රකාශ මත ඇයගේ නිවස සොදිසි කර ඇති අතර එහි තිබී හෙරොයින් අලෙවි කිරීමෙන් උපයාගත් රුපියල් 26,000ක් ද, ජංගම දුරකථන 05ක් ද, සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 32ක් වූ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය අද (18) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පින්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

පාර්ලිමේන්තුවට මල්වඩමක්

colombotoday

පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

colombotoday

ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා බිදවැටෙයි.. මෛත්‍රී-රනිල් දිගටම දීග කයි…

colombotoday

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි

Admin

ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදානමින්.. පොලීසිය සීරුවෙන්

colombotoday

නෙදුන්කේනි රක්‍ෂිතයේ තිබියදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගනී

colombotoday