Colombo Today Local News

කැළණි විහාරයේ දායක සභාවෙන් දොට්ට දැමූ රනිල් වික්‍රමසිංහ විහාරාධිපති හිමියන්ට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලයි

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට ඊයේ (සැප්තැම්බර් 01 ) දායක සභාවේ බහුතර අනුමැතිය හිමිවූ බවට මාධ්‍ය වාර්තා පළ විය.

ඒ ඊයේ පස්වරුවේ, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාව රැස්වීමෙන් අනතුරුව බව දැක්වෙයි.

මෙම ප්‍රවෘත්තිය අගමැති රනිල් වික්‍රමසිංහට දැන ගැනීමට ලැබුණේ ඔහු ඊයේ සවස තම පවුලේ ඥාතියකුගේ විවාහ උත්සවයකට සහභාගී වී සිටින අතරතුරය.

මේ පිළිබඳව අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි කැලණිය රජමහා විහාර දායක සභාවේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තමන් ක්‍රියාකරන බවයි.

එසේ වුවද, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සම්බන්ධයෙන් දායක සභාවේ සාමාජිකයන් විසින් එල්ල කර ඇති චෝදනා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට දායක සභාව විසින් කටයුතු කළ යුතු බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Related posts

විල්පත්තුව වියලී ඉරි තලයි.. විල්, පොකුණු සිදී යයි.. සංචාරකයන්ටත් දොර වැසේ !

colombotoday

නා උයනේ අරියධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

මෙරට තායිලන්ත තානාපතිගේ නිවසට හොරු පනී… කෝටි 100ක බඩු උස්සලා

Admin

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

STF ආරක්ෂාව මැද කොළඹ ඡන්දේ කළ සංහිදියා ඇමතිට ජනතාව පයින් ගසා දොට්ට දමයි

colombotoday

පාස්කු වන්දි නඩු විමසීමට දින දෙයි

Admin