Colombo Today Local News

“කැබිනට් රැස්වීම් නොපැවැත්වීම නීතියට පටහැනියි”

කැබිනට් මණ්ඩලය විධායකය වෙනුවන් පාර්ලිමේන්තුවට වගකියන බැවින් කැබිනට් රැස්වීම් නොපවත්වා සිටීම නීතියට පටහැනි ක්‍රියාදාමයක් බව සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 30(1) (5) යටතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(1) වගන්තිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්ෂා කරන බවටද, සඳහන් වන බැවින් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් බැඳී සිටින බවද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

කැබිනට් රැස්වීම් නොපවත්වා සිටියහොත් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පිළිතුරු සැපයීමට නොහැකි නිසා පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් පියවරක් ගතයුතුව ඇතැයිද සභානායකවරයා වැඩිදුරටත් කීවේය.

සෑම අගහරුවාදා දිනකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීම අද(11) නොපැවැත්විණි.

Related posts

“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

colombotoday

විශ්‍රාම වැටුප් කපලා.. ආබාධිත රණවිරුවෝ මහපාරට.. කොටුවේ විරෝධතා

colombotoday

ආර්ථිකය මෙහෙයවීම ජනපති අතට ගනී.. නව ආර්ථික වැඩපිළිවෙල ලබන සතියේ එළිදකී

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

නත්තල් දා සුරාසැල් වැසෙයි

Admin

හිල්ටන් හෝටලයේ අයිතිකරුවෙකු නොමැති රියක්

Admin