Colombo Today Local News

ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුගේ නියෝගයෙන් තිලංගට ක්‍රිකට් පරිපාලනය තාවකාලිකව තහනම්

හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ක‍්‍රිකට් පරිපාලනයට සම්බන්ධ කිසිදු ක‍්‍රියාදාමයකට සම්බන්ධ විය නොහැකි ලෙස තාවකාලික ක‍්‍රිකට් තහනමක් පැනවීමට ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා ඊයේ (10) තීරණය කළේය.

ක‍්‍රීඩා ඇමැතිවරයාට ක‍්‍රීඩා පනතේ ඇති 39 වැනි වගන්තියේ බලතල අනුව අදාළ තහනම පනවා තිබේ. ඉදිරියේදී තිලංග සුමතිපාල මහතාට ක‍්‍රිකට් පරිපාලනයට සම්බන්ධ විය හැකිදැයි සොයා බලා වාර්තාවක් සකස් කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. එම කමිටුවේ සභාපතිවරයා වශයෙන් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගලගේ මහතා පත්කර තිබේ. එහි ලේකම් ලෙස කී‍්‍රඩා අමාත්‍යංශ නීති නිලධාරී ශිරෝමි රණවක මහත්මියද සාමාජිකයකු ලෙස විශ‍්‍රාමික පරිපාලන නිලධාරී නීතිඥ එස්. ඞී. පියදාස මහතා ද පත්කර තිබේ.

කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් පනවන ලද තහනම අනුව තිලංග සුමතිපාල මහතාට විධායක කමිටු රැස්වීම්වලට සහභාගී වීම, එම රැස්වීම්වලට පෙනී සිටීම, ඡුන්දය භාවිතා කිරීම, කුමන ආකාරයෙන් හෝ කමිටු රැස්වීම්වල නියැළීම, කුමන ආකාරයේ හෝ බලයක් කි‍්‍රයාත්මක කිරීම, නියෝජිතයකු ලෙස කටයුතු කිරීම යන කරුණු මුල් කොටගෙන අදාළ තාවකාලික තහනම පනවා තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් ව්‍යවස්ථාව අනුව සූදු ව්‍යාපාරයකට සම්බන්ද කිසිවකුට ක‍්‍රිකට් නිලතල දැරීමට නොහැකි බව සඳහන් කර තිබේ. නමුත් තිලංග සුමතිපාල මහතා වසර කිහිපයක්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා සහ විධායක කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කර තිබේ. ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු විසින් අදාළ කරුණු සැලකිල්ලට ගෙන ගැසට් පත‍්‍රයක් මගින් තිලංග සුමතිපාල මහතාගේ විධායක කමිටු සාමාජිකත්වය අහෝසි කිරීමට මීට දින කිහිපයකට පෙර පියවර ගත්තේය. ඒ අනුව හිස්වූ ක‍්‍රිකට් විධායක කමිටුවට හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතා පත්වීමට නියමිතව තිබේ.

තිලංග සුමතිපාල මහතාට ක‍්‍රිකට් විධායක කමිටුව නියෝජන කිරීමට නොහැකි බව සඳහන් කරමින් ඡුන්දය හිමි ක‍්‍රීඩා සංගම් 03 ක් විසින් ගොනු කළ පෙත්සම් විභාගය සලකා බලා ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ තීරණය ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් ක‍්‍රිකට් ආයතන ප‍්‍රධානීන්ගෙන්ද කරුණු විමසන ලදුව එහිදී තිලංග සුමතිපාල මහතා සම්බන්ධයෙන් ක‍්‍රිකට් නිලධාරීන් දැක්වූ අදහස් සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමැතිවරයාගේ පැහැදීමක් නොතිබූ බව සඳහන් වේ.

Related posts

පෞද්ගලික අංශයේ සහ වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දමන බවට කම්කරු ඇමැතිගෙන් සහතිකයක්

colombotoday

රනිල් ඉවත්කර සන්ධාන ආණ්ඩුවක් හදන උත්සාහය අතහැර නෑ.. සාකච්ඡා සාර්ථකයි

colombotoday

රටේ භෞමික අඛන්ඩතාව ස්වාධීනත්වය අනතුරේ හෙළන යෝජනාවන් ප්‍රතික්ෂේප කළ යුතුයි. 13 එපා – ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපති අතට ම ලිපියක්

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ විජය මලලසේකර අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

පූජිත් ජනපති කොමිසමට එයි

colombotoday