ක්‍රිකට් විනාශ වූයේ තම ආණ්ඩු සමයේ බවත් වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තරය හමුවේ විහිළුවකට ලක්වී ඇති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පැවැසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ මාතර, වල්ගම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදි කරන
ලද ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවය අමතමිනි.
එම ගෘහස්ථ ක්‍රීඩාංගණය මාතර සාන්ත තෝමස් විදුහලේ දක්‍ෂ ක්‍රීඩකයෙක් වූ ගිහාන් ලංකාතිලක මහතාගේ පෞද්ගලික වියදමින් ඉදිකරන ලද්දකි. ක්‍රීඩකයකු ලෙස ආබාධයට ලක්වූ ඔහු ඕස්ට්‍රේලියාවේ රැකියාවකට ගොස් උපයාගත් මුදල් ඒ සඳහා යොදවා ඇත.
උත්සව සභාව අමතා අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
මට වාසනාව ලැබුණා අවුරුදු 18 වගේ කාලයකදී ජාතික කණ්ඩායමට එන්න. මම දැකපු දෙයක් තමයි ක්‍රීඩකයන්ට මොනතරම් දස්කම් තිබුණත් එක පැත්තකින් අපේ මානසිකත්වය, අනෙක් පැත්තෙන් අපට ලැබෙන පහසුකම් නිසියාකාරව ලැබෙන්නේ නැහැ කියලා. මට මතකයි ඉස්සෙල්ලා අපි ක්‍රීඩා කරන කොට උදේ පාන්දර 6ට විතර යනවා ශාරීරික ක්‍රියාකාරකම්වලට. ගිහිල්ලා 8.30 විතර ගෙදර ගිහිල්ලා රැකියාවට යනවා. අරවින්ද, දුලිප්, රෝයි මේ හැමෝම එහෙමයි වැඩකටයුතු කළේ. ඊළඟට 1.30-2.00 වෙනකොට ඔෆිස් එකේ ඉඳලා ඇවිත් කෑම ටිකක් කාලා ක්‍රීඩාංගණයට ගිහින් පුහුණුවීම් කරනවා. ඊට පස්සේ සවස 6.30-7.00 වෙනකොට කළුවර වැටෙනවා. ඊට පස්සේ අපිට නැවත ආයතනය වෙත ගිහින් වැඩ කරන්න සිද්ධ වෙනවා.
අපි පූර්ණ කාලීන වෘත්තීමය ක්‍රීඩකයන් නෙවෙයි. හුඟක් අමාරුකම් මැදින් අපි බොහෝ දේවල් ඒකෙන් ඉගෙන ගත්තා. කොළඹ එක පැලැන්තියකට පමණක් සීමා වෙලා ක්‍රිකට් ක්‍රීඩාව තිබුණා. ගම්වල ඉන්න ක්‍රීඩකයන්ට මොන තරම් සුළු අවස්ථාවක්ද ලැබුණේ කියලා මම දැක්කා.
2020 ලෝක කුසලානයකට යනව නම් අපි සුදුසුකම් ලබන්න ඕන. ඒ තරගාවලියට යන්න සුදුසුකම් ලබන තත්ත්වයට අපේ ක්‍රිකට් පත්වෙලා තියෙනවා. හැබැයි හම්බ කරන මිනිස්සු හම්බ කරගෙන තියෙනවා. ක්‍රීඩකයෝ අසරණ වෙලා තියෙනවා.
මම මේ ආණ්ඩුව ගේන්න විශාල කාර්ය භාරයක් කරපු කෙනෙක්. ආණ්ඩුව තියාගන්නත් විශාල කාර්ය භාරයක් කරන කෙනෙක්. හැබැයි මම කියනවා මේ අපේ කාලයේ තමයි ක්‍රිකට් විනාශ වුණේ කියලා. ඒකට ප්‍රධාන හේතුව අනවශ්‍ය පුද්ගලයන්ට ක්‍රිකට් ක්‍රීඩාව භාරදුන්නු එක. අද ලෝකයේ ක්‍රිකට්වල අපි විහිළුකාරයෝ බවට පත්වෙලා තියෙනවා. අපි අවුරුදු ගාණක් ක්‍රිකට් ගැහුවට අද වන විට තරග පාවාදීමේ කාර්යාලයක් පවා මේ රටට ඇවිත් තියෙනවා. එකෙන් මොකක්ද අපි ලෝකෙට පෙන්වන්නේ? අපේ පරිපාලනයත් එක්ක හොරකම, දූෂණය, වංචාව කියන එක ක්‍රිකට් ක්‍රීඩාවටත් ගිහින් තියෙනවා කියලා අපිට ක්‍රිකට් තරගයකට සහභාගි වෙනකොට ඒ කාලේ අපිට ගෙව්වේ රුපියල් දෙසිය පනහයි. මට නම් ඒක ලොකු ගාණක්. ඒ කාලේ අම්ම ඉස්කෝලෙ යනකොට රුපියල් දෙකක් දෙන කාලේ.
ඒ කාලේ තිබුණේ තරග දිනන කොට තරගයේ වීරයා නැත්නම් තරගාවලියේ වීරයාට තමයි මුදල් ටික දෙන්නේ. අපි ඒක වෙනස් කළා. අපි හැමදෙනාම අතරේ ඒක බෙදාගත්තා.
මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ එක කණ්ඩායමක් නෙවෙයි. එක පවුලක් බවට පත්වෙන්න ඕන.
අපි ශ්‍රී ලාංකිකයන් ලෙස අඩියක් ඉස්සරහට යන ගමන් අඩි දෙකක් පස්සට ගන්න බලනවා. මෙන්න මේ මානසිකත්වය වෙනස් කර නොගත්තොත් රටක් හැටියට විතරක් නෙවෙයි ක්‍රීඩාවක් හැටියටත් ඉදිරියට යෑමේ අවස්ථාව හුඟක් දුරට අහිමි වෙනවා.
ක්‍රිකට් කියන්නේ මගේ හදවතේ තියෙන දෙයක්, ලේවල තියෙන දෙයක්. මොන තැනකට ගියත් මොන රටකට ගියත් මේ රටේ ක්‍රිකට්වලට මම ඕන වෙලාවක ඉදිරිපත් වෙනවා. කිහිප දෙනෙක් කතා කරලා ඇහුවා මොකටද මේ ක්‍රිකට් ඉලෙක්ෂන් එකට එන්නේ කියලා. අද විනාශ වෙලා තියෙන ක්‍රිකට් ගොඩගන්න ඕන. හින්දයි එන්නේ කියලා කිව්වා.