Colombo Today Local News

ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මදුසංක තවදුරටත් රිමාන්ඩ්. පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව නීතිඥයින් කරුණු දක්වයි.

පන්නල ඇලබඩගම ප්‍රදෙශයේදී හෙරොයින් ග්‍රෑම් 2.7ක් සමගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මදුසංක මේ මස 9 දක්වා තවදුරටත් රක්ෂත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රත් ජනනි ශශිකලා විජේතුංග මහත්මිය අද (2) නියම කළාය.

ඉකුත් 24 දා පන්නල පොලිසියේ දූෂන මර්ධන ඒකකයේ නිළධාරීන් ට ලද තොරතුරකට අනුව අදාල වැටලීම සිදුකර ඇති බව පන්නල පොලිසිය විසින් අධිකරනයට කරුණු දැක්විය.

පොලිසිය මෙහිදී කටයුතු කළ ආකාරය පිලිබදව ගැටලුකාරී තත්වයක් පවතින බැවින් ඉදිරි දිනයේදී සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් කැදවන ලෙසට ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් කරුනු කී නීතිඥ සංජය ආරියදාස පෙන්වා දුන්නා.

කෙසේවෙතත් පොලිසිය මෙහිදී නිසි පරිදි කටයුතු කළ බවත් අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල අන්දමින් සිදුකළ බවත් පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

පන්නල පොලිසියේ සැරයන් ජිනදාස (49241) මහතා පැමිනිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ සංජය ආරියදාස සහ ප්‍රමොද්‍යා තිලකරත්න යන මහත්ම මහත්මීන් සැකකාර ක්‍රීඩකයා වෙනුවෙන් පෙනී සිටියහ.

Related posts

පුංචි ඡන්දයේදී බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !

colombotoday

නැගෙනහිර ජැටියේ අයිතිය ලංකාවට

colombotoday

වාහන මිළදී ගන්නන්ට සුබ ආරංචියක් ! රවී බිම දැමූ ලීසිං අගය ආයෙත් නග්ගයි

colombotoday

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

colombotoday

වද සැත්කම් චූදිත වෛද්‍ය සාෆි ගැන ගැන සීඅයිඩිය අලූතින් පරීක්‍ෂණ අරඹයි

colombotoday

පළාත් පාලන අයතන 23ක නිල කාලය අදින් අවසන්

colombotoday