Colombo Today Local News

කරු කථානායකධුරයට සමුදීමට සූදානම් !

කථානායක ධුරයට සමුදීමට සූදානම් බවත් ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය..

කථානායක කරු ජයසුරිය අද (08දා) දින මහනාහිමිවරු හමුවේ මේ බව  පැවැසීය.

කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරගැනීමට සිදුකළ වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකිවූ බවද කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

මහනුවරට ගොස් මහනාහිමිවරුන් හමුවේ ඔහු මේ බව පැවැසුවේය.

කථානායක ධුරයේ වසර පහක කාලය තුළ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම තමාට අවවාද අනුශාසනා කල මහනාහිමිවරුන්ට කෘතඤ්තාවයද පළකළේය.

මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් කරු ජයසුරිය මහතා සඳහන් කළේ, පසුගිය වසර පහ තුළ පමණක් නොව දේශපාලන ජීවිතය තුළ කිසිදිනෙක තමා වෙනුවෙන් රජයේ මුදලින් අලුත් වාහන ගෙන්වා නැති බවයි.

මේ අවුරුදු පහම පාවිච්චි කලේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පාවිච්චි කල නිල වාහනය බවද පසුගිය වසර පහම ඇන්දේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට මැසු නිල කබායම බව‌ද ඔහු පැවැසීය.

අද (2020.02.08) පෙරවරුවේ මල්වතු අස්ගිරි රාමඤ්ඤ මහා නිකායන්හී මහනාහිමිපාණන් වහන්සේලා බැහැ දුටු අවස්ථාවේදී කථානායකවරයා සිය චරිතාපදාන කෘතියේ මුල් පිටපත්ද මහනාහිමිවරුන් වෙත පිළිගැන්විය.

Related posts

ධීවරයින් පිරිසක් විසුරුවා හරින්න අහසට වෙඩි

Admin

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද වරාය නගරය මෙරට හැරවුම් ලක්ෂය වියහැකියි

colombotoday

මහ බැංකුවේ නිල සංචිතවල සුළු පහත වැටීමක්

Admin

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් උපරිම ශක්තිය යොදවලා කටයුතු කරනවා – කෝට්ටේ මහානාහිමි

colombotoday