Colombo Today Local News

කර්මාන්ශාලා පවත්වාගෙන යාමට ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ආයෝජන මණ්ඩලය හරහා

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ වල කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑම සදහා වන ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය හරහා සිදු කෙරෙන බව එම මණ්ඩලය සදහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවියේ www.investsrilanka.com. ඇති උපදෙස් අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිකුත් කිරීමට පියවර ගන්නා අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට එම වෙබ් අඩවියට පිවිසෙන්නැයි අයෝජන මණ්ඩලය කාර්මාන්ත ශාලා හිමියන් ගෙන් ඉල්ලා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ හා මාර්ගෝපදේශයන් දැඩිව පිළිපදිමින් මෙම කර්මාන්තශාලා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හැමවිටම සහාය දක්වන බවද එම මණ්ඩලය පෙන්වා දේ.

රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරන අතර ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්ම වනු ඇතැයි එම මණ්ඩලය අපේක්ෂා කර සිටී.

Related posts

සැකකටයුතු බෝට්ටුවක් සමග හදුනා නොගත් 14ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට…

colombotoday

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් බොනවා”

colombotoday

අද සිට උපකාරක පන්ති තහනම්

Admin

සරණාගතයෝ ආපසු නොගියොත් යුරෝපය මුස්ලිම් වේවි – ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි-ලාමා තුමා

colombotoday

සිංහල-දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

colombotoday