Colombo Today Local News

කංසා වගාව නිතීගත කළහොත්, ආර්ථික වාසි ලබා ගත හැකි- දේශීය වෛද්‍ය එකමුතුව

කංසා වගාව නිතීගත කළහොත්, ආර්ථික වාසි ලබා ගත හැකි බව දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් කරුණාරත්න මහතා පවසයි.

දේශීය වෛද්‍ය එකමුතුව සංවිධානය කළ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“කංසාවලට අයුර්වේදයෙන් දී ඇති නම වන්නේ ‘ත්‍රෛයිලෝක විජයා’. ඒ කියන්නේ තුන් ලෝකයම ජය ගන්නවා කියන නම තියෙනවා. කංසා අවභාවිතය නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ, කංසා අපිට භාවිත කළ හැකි ක්‍රම කිහිපයක් තියෙනවා. කංසා අවභාවිතයේ දී දුමක් ලෙස භාවිත කරනවා. කංසා අභ්‍යන්තරව ගැනීම අවභාවිතය නොවේ”.

“එය භාවිත කළ විට දීර්ඝ කාලයක් ශරීරය තුළ තියෙනවා. මාසයක් ගිය පසු මුත්‍රාවල කංසා රසායනික ද්‍රව්‍ය අඩංගු යැයි පරීක්ෂණයක් කළහොත් එය ඇති බවට ඔප්පු වෙනවා. මෙය මත්ද්‍රව්‍යයක් කියලා බෙදලා නැහැ, කොහේවත් ලියවිලා නැහැ. ඖෂධීය මාත්‍රාවෙන් ගත් විට කංසා ඉතා ඉහළ ගණයේ ඖෂධයක්.”

“උදාහරණයක් ගත් විට ‘බුද්ධ රාජ කල්කය’ අපි පොඩි ළමයින්ටත් දෙනවා, එම ‘බුද්ධ රාජ කල්කය’ තියෙනවා කංසා සහ අබිං යන දෙකම ඒ ද්‍රව්‍ය අඩංගු වුණාම තමයි ඒ ඖෂධවල ගුණයක් තියෙන්නේ, ඒ නිසා මෙවා දේශීය වෛද්‍යවරුන්ට මෙවා භාවිත කරන්න දෙන්න”.

“1964 අංක 13 දරණ පණතේ සංශෝධනය අනුව මෙහි භාවිතය සීමාකරලා තියනවා. සීමකරලා තිබුණත් අපිට යොදන්න පුළුවන් අවස්ථාවක් එයින් ලබා දීලා තියෙනවා,” යනුවෙන්ද ඔහු පැවසීය.

Related posts

2020 ජනපතිවරණයේ එජාප අපෙක්ෂකයා ගැන නවීන්ගෙන් ඉගියක්…

colombotoday

මහ බැංකු අධිපති අත්අඩංගුවට

Admin

මසුන් මැරීමෙන් අකුසල් වන බව දේශනා කළ හිමිනමව දෙව්දත්ලා පස්දෙනෙකු පහරදී ඝාතනය කරයි

colombotoday

දෙසැම්බර් හයවැනිදා යළිත් සුළි කුණාටුවක්..! විදෙස් අනාවැකි අනතුරු අගවයි…

colombotoday

මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය කෝටි 50කට විකිණිලා – රොෂාන් රණසිංහ

colombotoday

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday