මේ මොහොත වනවිට කොරෝනා නම් අතිශය භයංකර වෛරසයක් මානව සංහතියට එරෙහිව නැගි එමින් සිටී. මේ වෛරසය මෙවර මතුවූයේ චීනයෙන් වන නිසාම නයෙකුගේ මස් කෑම නිසාම මෙය හටගත් බවට මතුවන කතාවට එපිටින් විමසා බැලිය යුතුය. චීනය යනු ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලයට අවියෙන් හෝ මුදලේ බලයෙන් යට කළ නොහැකි ලොවේ අංක එකේ බලවතාය. එනයින් චීනය හෙට්ටු කළ හැකි සෑම උපායක්ම ඇමරිකාව විසින් ගැනීමට දෙවරක් නොසිතන බවද සැක හැර දන්නා කරුණකි. ලොව නැගී එන බලගතුම ආර්ථිකය සතු චීනයට එල්ල කළ හැකි මාරාන්තික ප‍්‍රහාරය එල්ල කළ හැක්කේ න්‍යෂ්ඨික අවියකට වඩා ඉතිහාසය පුරාම තම පරසතුරු රටවලට එල්ල කළ වසංගත ප‍්‍රහාරය හරහා බව ඇමරිකානුවන් දනී. නිෂ්චිත මොහොත උදාවන තෙක් කල් මරා අද අප ඉදිරියේ දිස්වෙන කොරෝනා වෛරසය චීනයට මුදා හල බව ප‍්‍රතික්ෂේප කළ හැක්කේ කාටද. අන්න ඒ සැකය මතුවන්නේ ඇමරිකානුවන්ගේ කුප‍්‍රකට වසංගත නිර්මාණයන් හරහාය. චීන ආර්ථිකයට මෙම වෛරසය හරහා බිලියන දහස් ගණනක පාඩුවක් සිදුවනු ඇත. චීන අපනයනය ඇන හිටුනු ඇත. කොටින්ම දැනටමත් චීනය ලොක් වූ රටකි. මෙම වෛරසය පැතිර යෑමේ වේගය මත චීනයේ ඉරණම රැඳෙනු ඇත.
ඉබෝලා රෝගය පිළිබඳව මේ දිනවල අඩුවෙන් කතා කළද එය සුපුරුදු ලෙස වසංගත රෝගී මට්ටමක ක‍්‍රියාත්මක වේ. ඉබෝලා වෛරසය ලෝකයට දැනගැනීමට ලැබෙන්නේ 1970 තරම් දිගු කාලයකදීය. අප‍්‍රිකාව පුරා පැතිරී ගිය ඉබෝලා වෛරසයට එන්නතක් සොයා ගැනීම සිදු වූයේ 2014 වසරේ ඇමෙරිකානු වෛද්‍ය පිරිසක් විසිනි. එම සොයාගැනීමත් සමගම බොහෝ අය සැක පහල කිරීමටද පටන් ගත්තේය. එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතියද ලැබී නැත. එය හුදෙක් ඉබෝලා වැළඳුනු අමෙරිකානුවෙකුට ප‍්‍රති එන්නතක් ලෙස උපයෝගී කරගත් පරීක්ෂණාගාර තත්ත්වයේ පවතින්නකි. විවිධ මාදිලියේ වෛරස් ලෝකයට මුදා හරිමින් අප‍්‍රිකානු ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට ඇමෙරිකානු පාලනය විසින් පත් කර ඇති බවක් පෙනේ. එම සැකය අපට පහසුවෙන් බැහැර කළ නොහැකි වන්නේ ඔවුන්ගේ අතීත ක‍්‍රියාදාමයන් පරිශීලනය කිරීමේදීය.
මෙම ඉබෝලා එන්නත නිපදවීම සිදු කරන ලද්දේ Mapp Biopharmaceutical සමාගම විසිනි. ඇමෙරිකාවේ ඉතා රහසිගතව නිෂ්පාදනය කරන රසායනික අවි හා ජීව විද්‍යාත්මක අවි පිළිබඳව පරීක්ෂණ සිදු කරන හෙරිලන්ඞ් වල පිහිටි ඩෙට්ටි‍්‍රක්ස් හමුදා කඳවුර සමග ඉහත කී සමාගම ඍජු සම්බන්ධකම් පවත්වනු ලබයි. මෙම කඳවුර දෙවන ලෝක යුද්ධ සමයේ සිට ජීව හා රසායන අවි නිපදවීම පිළිබඳව ප‍්‍රසිද්ධියක් උසුලයි. එහි උපදේශකත්වය පිරිනැමී ඇත්තේ හිට්ලර්ගේ ඉතා කිට්ටුවන්ත ජර්මානුවෙකු වූ දැනට ඇමෙරිකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදකයා වන ජෝර්ජ් මරත් ටය. 1949 දී එවකට ඇමෙරිකානු ජනපති හැරී ට්රුමන් විසින් ඇමෙරිකාවට ඉතා වටිනා මිනිසෙකු සොයා ගත්තේය. හිට්ලර්ගේ පරාජයත් සමගම හිට්ලර්ගේ ජීව විද්‍යාත්මක අවි නිපදවීමේ ප‍්‍රධානියා වූ ට්‍රොබ් එරික් යටත් වීමෙන් පසුව ඔහුගේ සහායක කණ්ඩායමද සමග ඇමෙරිකානු හමුදා භාරයට ගත්තේය. ඔහු වෛරස් රෝග පිළිබඳව මෙන්ම වෛරස් නිෂ්පාදනය පිළිබඳවද විශේෂඥවරයෙකුද විය. සී. අයි. ඒ සංවිධානය හා ඩෙටි‍්‍රක්ස් හමුදා කඳවුර හා එක්ව සිදු කරන පරීක්ෂණ කටයුතු වලට ට්‍රොබ් එරික් සම්බන්ධ කරගත්තේය. HIV වෛරසය, ඉබෝලා වෛරසය, බටහිර නයිල් වෛරසය, මහාමාරිය වෛරසය, ආදී බොහෝ වෛරස් ගණනක උපත සිදු වූයේ මෙම හමුදා කඳවුරේ යැයි විශ්වාස කෙරේ.
1970 දශකයේදී මෙම හමුදා කඳවුර තුළ සිදු වූ බොහෝ පරීක්ෂණ ලෝකයට අනාවරණය වීමත් සමගම එහි කීර්ති නාමයට පලූද්දක් ඇති විය. ලොව පුරා ප‍්‍රගතිශීලී ව්‍යාපාර වල නිර්දය විවේචනයටද ලක් විය. (විශේෂයෙන්ම කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝගේ නිරන්තර විවේචනයට ලක් වූ ස්ථානයකි. ) ඉන් පසුව ෆෙඞ්රික් ”පිළිකා” රෝග පරීක්ෂණ ආයතනය ලෙස නම වෙනස් කරමින් සී. අයි. ඒ. හා ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රහසිගත පරිපාලන ඒකකයක් ලෙස ක‍්‍රියාත්මක විය. එම රහසිගත පරීක්ෂණාගාරය තුළින් ලෝකයට මුදා හැරියේ මානව වර්ගයාට අතිශය හානිකර වෛරස් හා රෝගකාරකයන්ය. එහි විශේෂත්වය වන්නේ ඇමෙරිකානුවන්ට හිස නොනමන රටවලට එල්ල කළ දරුණු ගනයේ වසංගත රෝග කාරකයන් මුදාහැරීමය. ඒවා කෙටියෙන් මෙසේ විස්තර කළ හැක
* ග්වාතමාලාව තුළ සමාජ රෝග පතුරුවා හැරීම
* උතුරු කොරියාව තුළ අන්ත‍්‍රක්ස් රෝගය පතුරුවා හැරීම හා කහ උණ වසංගතය බෝකිරීම
* 1970 දී ඩෙට්ටි‍්‍රක්ස් හමුදා කඳවුර තුළ HIV වෛරසය නිපදවීම
* 1981 දී කියුබාවට ඩෙංගු වෛරසය මුදා හැරීම
ෆ දකුණු ඇමෙරිකානු කලාපයේ ප‍්‍රගතිශීලී නායකයන්ට පිළිකා වෛරස එන්නත් කිරීමද ඔවුන් සාර්ථකව අත්හදා බලා ඇත. ලෝකයේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ වෙනිසියුලානු නායක හියුගෝ චාවේස් අපට අහිමි වන්නේද එහි ප‍්‍රතිඵලයකිනි. හිටපු බ‍්‍රසීල නායක ලූලාද සිල්වා මෙන්ම ආජන්ටිනා ජනපතිනියද පිළිකා රෝගයෙන් පෙළේ.
මෙම වසංගත රෝග බෝකිරීම පිටුපස ඇමෙරිකානු බහුජාතික සමාගම්ද විශාල වැඩකොටසක් ඉටු කරන්නේ අතිවිශාල ආර්ථික ලාභ බලාපොරොත්තුවෙනි. එමෙන්ම බොහෝ දිළිඳු රටවලට ඇතුල්වීමේ දොරටු විවර වන්නේද ශාන්තුවරයන් ලෙස වෙස් මුහුණු පැළඳ ගැනීමෙන් පසුවය. ඉන් අනතුරුව එකී රටවල ස්වාභාවික සම්පත් ද දේශපාලන බලයද හිමි කරගන්නේ එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකිරීමෙනි. ඒ මානුෂීය මෙහෙයුම සිදු කරන ඇමෙරිකානු බලාධිකාරිය විසිනි.
වෙනුසියුලාවේ චාවේස් යනු ඇමරිකාව එළිපත්තේ සිට ධවල මන්දිරයට අභියෝග කළ නිර්භය දේශපාලන පෞරුෂයකි. එහෙත් අකාලයේ චාවේස් පිළිකා මාරයාට ගොදුරු විය. ඔහුගේ මරණය පිළිබඳව වෙනිසියුලාවේ පාලනය ඇඟිල්ල දිගු කරන ලද්දේ සී. අයි. ඒ. සංවිධානයටය. එම චෝදනාව වූයේ හියුගෝ චාවේස්ට පිළිකාකාරක එන්නතක් රහසේම ජනයා සිප වැළඳ ගන්නා මොහොතක ඇතුල් කළ බවය. ලතින් ඇමරිකානු කලාපයේ චාවේස් වටා රොක්වූ වාමාංශික නැඹුරතාවකින් යුත් රටවල් 5 ක නායකයන්ටද පිළිකාව වැළඳී තිබුණේ එකම කාලයකදීය. එයද කලාපය තුළ සැකයට තුඩු දුනි.
රසල් බණ්ඩාරවත්ත