මෙරටට එතනෝල් ආනයනය කිරීම අද (01දා) සිට වහා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.
මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව මෙම කටයුතු සිදුව ඇත.
දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනය කිරීම මෙම පියවරට හේතුව වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.