Colombo Today Local News

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයකට සැරසෙයි…

ඇමැතිවරු මට රැකියා දෙන්නේ නැහැ. ඒ නිසා පාක්ෂිකයන්ට සලකන්න විදිහක් නැහැ. ලැබුණු රැකියා හරියට බෙදුවා නම් කළුතර රැකියා ප්‍රශ්නය ඉවරයි. විපක්ෂයට වැඩ කරපු අයට රැකියා මුදලට විකුණලා කියලා මට ආරංචියි. මම පාක්ෂියකුට රැකියාවක් ගන්න ලිපියක් දුන්නම එතැන වැඩේ වෙන්නේ සල්ලිවලට. මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (17දා) පොතුපිටිය උතුර එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ ශාඛා සමිතිය පිහිටුවීම සඳහා පැවැති රැස්වීමක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින්, අද තියෙන්නේ නූලෙන් ගැටගහගන්න එල්ලෙන ආණ්ඩුවක්. එන මහ මැතිවරණයේදී මොන විදිහෙන් හරි 2/3 ආණ්ඩුවක් හදන්න වෙනවා යි පැවසීය.

එහිදී පිරිස අමතමින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගාමිණී ගුණසිංහ මහතා, අපිට පාක්ෂිකයන්ට මුහුණ දෙන්න බැහැ. පාක්ෂිකයන් ඉන්නේ පක්ෂය පිළිබඳ දැඩි කලකිරීමෙන්. ප්‍රධාන හේතුව සන්ධාන ගහලා ආණ්ඩු හැදිමයි. මම ඉදිරියේදී මේ සියලු තනතුරුවලන් අෑත් වෙනවා යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් එජාප සම්බන්ධීකාරක ඉන්දික ගාල්ලගේ සහ පාක්ෂිකයන් පිරිසක් සහභාගි වූහ. AddThis Sharing ButtonsShare to FacebookShare to TwitterShare to PrintShare to EmailShare to More

Related posts

ප්‍රේමදාස දියණියගෙන් මහින්දට ලිපියක් !

colombotoday

විභාග රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන

colombotoday

චීන තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්

colombotoday

නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

colombotoday

බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් සියලු පාසල් හෙට ඇරඹේ

colombotoday

අරලිය මැදුර ඕන මගුලකට විවෘතයි… චතුරගේ මගුලට ලක්ෂ 21ක් ගෙවලා.. සම්පූර්න ගණන් හිලව් මෙන්න

colombotoday