Colombo Today Local News

එජාපෙ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනිමට චම්පිකගේ විරෝධය

එළැඹෙන ජනපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනීමට ජාතික හෙළ උරුමය විරුද්ධ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ ප්‍රදීප් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ මගින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා පිළිබඳව තවමත් තීරණය කිරීමට අපොහොසත් ව තිබීමත් එසේ ම ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා පැතිරී යාමත් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය යේ අවධානය යොමු වී ඇත.

අප මුල පටන් ම දැරූ ස්ථාවරය වූයේ එක්සත් ජාතික පෙරමුණෙහි අපේක්ෂකයා තෝරා ගැනීම මූලධර්ම දෙකක් මත සිදු විය යුතුය යන්නයි. එනම් පළමුව, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහලින් ම සුරක්ෂිත වන පරිද්දෙන් සිදු කළ යුතුය. දෙවනුව, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලූ ම පක්ෂවල සහභාගීත්වයෙන් එය සිදු විය යුතුය. ඉතා පැහැදිලිව පෙනී යන පරිදි මේ මූලධර්මයන් දෙක ම ආරක්ෂා වන පරිදි අපේක්ෂකයා තෝරා ගැනීමට ඇති හොඳ ම ක‍්‍රමවේදය වන්නේ එම කටයුත්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායම වෙත භාරදීම ය.

එක්සත් ජාතික පෙරමුණට ඡුන්දය ලබා දුන් සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ කැමැත්ත විමසීම ප‍්‍රායෝගිකව සිදුකළ නොහැකි බැවින් නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන්ට අනුකූල ව  හොඳ ම විකල්පය වන්නේ මහජන නියෝජිතයන්ට එම කටයුත්ත පැවරීම ය. එසේ ම අනෙක් අතට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම තුළ, එක්සත් ජාතික පෙරමුණට අයත් සියලූ ම දේශපාලන පක්ෂ නියෝජනය ද වේ. අපේක්ෂකයා තෝරා ගැනීමට ඇති හොඳ ම ක‍්‍රමවේදය වන්නේ පාර්ලිමේන්තු කණ්ඩායම මගින් ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම යැයි අප ප‍්‍රකාශ කරන්නේ ඒ එබැවිනි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කිරීමේ සූදානමක් පවතින බවට රාවයක් පැතිරෙමින් තිබේ. ඉහත දැක්වූ මූලධර්ම දෙක අපගේ මූලික පදනම වන බැවින් එවැන්නකට එකඟ වීමට අපට නොහැකිය. පළමුුව, එම කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ එක්සත් ජාතික පක්ෂය විනා වෙනත් පක්ෂ නියෝජනය වන්නේ නැත. එක්සත් ජාතික පෙරමුණ තුළ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රමුඛතාව පිළිබඳව කිසිදු විවාදයක් නැතත්, ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම අනෙකුත් පක්ෂවල ද සහභාගීත්වයෙන් සිදු විය යුතුය යන්න අප මුල සිට ම දැරූ ස්ථාවරය විය. දෙවනුව, මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලය කොතෙක් දුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස සකස් වී තිබේ ද යන්න ද  සැක සහිත ය. ඒ අනුව අපගේ මතය වන්නේ අපේක්ෂකයා තේරීම  එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නොව එක්සත් ජාතික පෙරමුණෙහි පාර්ලිමේන්තු කණ්ඩායමෙන් සිදු කිරීම වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවය.

ඒ අනුව කල් නොයවා පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කරවා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කරන මෙන් ගරු අග‍්‍රාමාත්‍යතුමා ඇතුළු එක්සත් ජාතික පෙරමුණෙහි සියලූ නායකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට කැමැත්තෙමු.”

Related posts

පපුව රිදුනොත් පෝලිම අතහැර වහාම රෝහල් ගත වෙන්න. – සෞඛ්‍ය අංශ වලින් දැනුම්දීමක්

colombotoday

අගමැතිත් බැඳුම්කර කොමිසමට…! කැදවිමටත් පෙර යන්න තීරණය කරයි

colombotoday

නවම් පොහෝ දිනයේ, වැලිකඩ සිරකරුවෝ ඥාණසාර හිමි සමගින් බුද්ධානුස්සතිය වඩති!

colombotoday

ජවිපෙ මැයි රැලිය පුරවන්න පාසල් ළමුන් බලහත්කාරයෙන් අරන් ඇවිත් !

colombotoday

ජවිපෙ මුදල් ගණුදෙනු ගැන රාජිත පුත් චතුර, නම් ගම් සහිතවම හෙළි කරයි

colombotoday

ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ – ඇවන්ගාඩ් සිද්ධියට කෙසේ හෝ ගෝඨාභයට නඩු පවරන්න කියා දිල්රුක්ෂි බලපෑම් කළා

colombotoday