Colombo Today Local News

එජාපෙ අපේක්ෂකයා එජාප සම්මේලනයට පෙර !

එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂයේ මහා සම්මේලනයට පෙර නම් කරන බව එම පක්‍ෂයේ සභාපති, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ (15දා) පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණට අයත් පක්‍ෂ අතරේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීම එකම දිනකදී සිදුකරන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එකඟතාව පළ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව සිටින පක්‍ෂ නායකයන් හා එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෙට (17දා) පැවැත්වෙන එක්සත් ජාතික පෙරමු‍ණේ පක්‍ෂ නායක රැස්වීමේදී අවබෝධතා ගිවිසුම අත්සන් කරන දිනය තීරණය කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

කලුගල වනයක මද්දකට හසුව සිටි දිවියෙකු බේරා ගනී

colombotoday

සිරමැදිරියේ බූරු ගැස්සූ ඕ.අයි.සීට ඇප

Admin

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

colombotoday

වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට

Admin

18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථය පී.සී හප්පා නතර කර ගනී

Admin

අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 10ක් රෝහලේ

Admin