Colombo Today Local News

එජාපය මා වෙනුවෙන් පෙනී නොසිටීම ගැන කණගාටුයි… වෙනම ඡන්දෙ ඉල්ලනවා, පැරදුනොත් රට යනවා !

හඬ පට සිදුවිමේදී පක්‍ෂය තමන් වෙනුවෙන් පෙනී සිටීවි යයි බලාපොරොත්තු වුවද එසේ සිදු නොවීම කණගාටුවට කරුණක් යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

ඊයේ දින පොලිස් අත්අඩංගුවට පත් වීමට පෙර එජාප සාමාජිකත්වය අත්හිටුවීම ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කීවේය.

කෙසේ නමුත් පක්‍ෂ සාමාජිකත්වය අත්මිටුවීම සමගින් තමන් ඉබ්බා දියට දැමූ තත්වයට පත් වූ බවත් නිදහසේ අදහස් පල කිරීමට තිබූ යම් යම් බාධා ඉවත් වූ බවත් ඔහු සදහන් කලේය.

ඉදිරි මැතිවරණයට තරග කිරීමට එජාපයෙන් අවස්ථාව නොලදහොත් ස්වාධීනව තරග කරන බවත් එහිදී ජනතාව තමන් ප‍්‍රතික්‍ෂෙප කලහොත් දේශපාලනයෙන් ඉවත් වූ පූර්ණකාලීනව රංගනයේ යෙදෙන බවද ඔහු පැවසීය.

රංගනයටද බාධා ඇති වුවහොත් එයින්ද ඉවත් වී විදෙස්ගතවන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

colombotoday

ඉතිහාසයේ මුල්වරට නත්තලට අඩුවට බිත්තර දුන්නේ අපි

Admin

වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්

Admin

දුරකතනයකට ඇවිලුනු මල්ලී අයියා මරයි

Admin

රණවිරුවන්ගේ ජීවගුණය බිද දැමීමේ වැඩපිළිවෙල් තවත් එක් පියවරක්ද මේ – මහඇමතිගේ සද්දයට මහින්දගේ විරෝධය

colombotoday

වැඩි කැමැත්ත අකිලට ලු !

colombotoday